(සුජිත් හේවාජුලිගේ)
හොරණ මිල්ලෑව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝම්බර් මාසයේදී අරඹන බව බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙය එම ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක ඉදිකෙරෙන්නකි.
මෙම නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමෙන් පසුව වැලිකඩ පිහිටි සියලුම බන්ධනාගාර ඒ ස්ථානයට රැගෙන යාමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වැලිකඩ බන්ධනාගාර පිහිටි අක්කර 40 ක පමණ භූමි භාගය සංවර්ධන කටයුත්තකට පවරා ඒ ලැබෙන මුදලින් මෙම නව බන්ධනාගාරය ඉදි කෙරෙන බව ලොහාන් රත්වත්තේ මහතා කීවේය.
මිල්ලෑව නව බන්ධනාගාර සංකීර්ණය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඉදිකිරීමට සියලු සැලසුම් සකස් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හදන්නේ වැලිකඩයි, මහරයි බන්ධනාගාර ඉඩම් ටික චීනෙට විකුණන්න නෙවෙයි නේද මහත්තයෝ...?
අලුත් බන්ධනාගාර හදනවා කියන්නේ රට අස්ථාවරයි කියන එක... ජයවේවා..!!!
සාධාරණ සමාජයක් ගොඩනැගීමට නැති බැරි සහ ආර්ථික අපහසුතා ඇති දුවා දරුවන්ට වෙනසක් නොමැතිව අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් නොකළොත් සිර ගෙවල් මදිවී කොළොම්බියාව වැනි රාජ්‍යයක් මෙහි ඇතිවීම වැළැක්විය නොහැක. රාජ්‍යයක් කෙරෙහි ජනතා විශ්වාසයක් නැතිවී සාමාන්‍ය ජනයා නීතිය අතට ගෙන කටයුතු කිරීමේ ප්‍රවණතාවය භයානකයි.