
(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුනට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමි වන බව සංචාරක අධිකාරිය පවසයි.
කෙසේ වෙතත් එම සංචාරකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ හත්වැනි දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව සඳහන් වෙයි.
එසේම සියලුම සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගතවීමට පැය 72 ට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිත නොවූවකු බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වන බව සෞඛ්‍ය අංශ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවණක්කාර කමේ උපරිමය... ගේන සහතිකය හරියටම කියන්න පුළුවන් වගේ කොරෝනා නෑ කියලා.. බොරු සහතික එහෙම හදන්න බැරුව ඇති කාටවත්...!!! එහෙම අය රට හැමතැනම දවස් 07ක් ගියාම අලුත් ප්‍රභේද පැතිරුණාම හරියටම හරි...!!!