කැලණිය සරසවියේ ශිෂ්‍යාවකට කොරෝනා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා පවසයි. 11 October 2020
අත්තනගල්ලේ - මීරිගම ගම් 3ක් වසාදමයි පුද්ගලයින් 37 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරුවීම මත අත්තනගල්ල සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් මාලිගාතැන්න, කූරිකොටුව සහ එළුවාපිටිය යන ග්‍රාමයෙන් තුන අද(11) වසා දමමින් අධි ආරක්ෂක කලාපයක් බවට පත්කිරීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 11 October 2020
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම යළි සීමා කෙරේ විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. 11 October 2020
තවත් කොරෝනා ආසාධිතයින් 103 ක් තවත් කොරෝනා ආසාධිතයින් 103දෙනෙකු හඳුනාගෙන ඇතිබව යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. 10 October 2020
ජාතික රෝහලේ තිදෙනකුට කොරෝනා කොළඹ ජාතික රෝහලේ සේවිකාවකට සහ සේවකයයන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය වාර්තා වලින් සනාථ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (10) ප්‍රකාශ කළාය. 10 October 2020
ළමා රෝහලේ සාත්තු සේවිකාවකටත් කොරෝනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. 10 October 2020
පානදුර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසාදමයි පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වීමත් සමගම එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය. 10 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් අසාදිතයන් 14 ක් හඳුනාගැනේ නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන1,089 ක් දක්වා ඉහළ ගියේය. 09 October 2020
බද්යුදීන්ගේ සොහොයුරා නිදහස් කළාට මන්ත්‍රීවරු 100කගේ විරෝධය පාස්කු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බද්යුදීන් මහතාගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට යොමුකර ඇත. 09 October 2020
කතළුව විහාරස්ථානයේ හිමිවරුන් 16 නමටම කොරෝනා නෑ හබරාදුව කතළුව විහාරස්ථානයක ස්වයං නිරෝධායනට ලක් කර සිටින හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙක් කොරෝනා ආසාදිතයන් නොවන බව අද (09) නිකුත්වූ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවලින් තහවුරුවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි. 09 October 2020
පන්නල 78 හැවිරිදි මවකට කොරෝනා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල ඇළබඩගම පදිංචි 78 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී තිබේ. 09 October 2020
දිවුලපිටිය පොකුරෙන් ආසාදිතයින් 16 ක් දිවුලපිටිය කොරෝනා වයිරස ආසාදිත පොකුරෙන් අද (9 වැනිදා) තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. 09 October 2020
ඉරිදා දේවමෙහෙය තාවකාලිකව නවතයි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම කතෝලික දේවස්ථාන වල ඉරුදින දිව්‍ය පූජාවන් ඉදිරි ඉරුදින දෙකෙහි යළි දැනුම් දෙනතුරු නොපැවැත්වෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදයක් නිකුත් තරමින් සඳහන් කරයි. 09 October 2020
ඇඳිරිය තිබුණත් වෙළඳසැල් හෙට රෑ 8 තෙක් ඇරලා කොරෝනා වයිසරය පැතිරීමේ අවදානම හේතුවෙන් නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා හෙට (10) පෙරවරු 8.00 සිට රාත්‍රියේ 8.00 දක්වා ද එම ප්‍රදේශයේ ඖෂධ හා ආහාර වෙළඳසැල් විවෘත කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 October 2020
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් හමුවීම අඩුවෙයි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොවිඩ්-19 පොකුරේ ආසාදිතයින් හමුවීම සාපේක්ෂව අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 09 October 2020
මාස 5 බිළිඳාගේ ඇට මිදුළු බද්ධයටත් කොරෝනා හරස්වෙයි ඇටමිදුළු බද්ධ කිරීමක් සඳහා හෙට (10 වැනිදා) ඉන්දියාව බලා පිටත්ව යාමට සිටි මාස 5 ක් වියැති බිළිදකුගේ පියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය. කොරෝනා වයිරසය ආසාදිත මෙම පුද්ගලයා මහනුවර පදිංචිකරුවකු වන අතර ඔහුගේ දරුවා ඇට මිදුළු රෝගයෙන් පෙලීම හේතුවෙන් මස 5 ක පමණ කාලයක් පුරා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සිට ඇත. 09 October 2020
මානව හිමිකම් නියෝජිතයා පැමිණිලිකරුටත් පහර දෙයි පැමිණිල්ලක් විභාගයට ගිය පොලිස් නිලධාරීයාට හා පැමිණිලිකරුට පහර දුන් ලෝක මානව හිමිකම් සංවිධානයේ සාමාජිකයකු යැයි පවසන ආචාර්යවරයකු අද (9) දහවල් වදුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 October 2020
මිනුවන්ගොඩ පොලිසිය යළි විවෘත කරයි මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට වාර්තා වීමත් සමග ඊයේ (8) සිට වසා දමා තිබු මිනුවන්ගොඩ පොලිසිය අද(09) පස්වරු 2.00 ට පමණ යළිත් විවෘත කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 October 2020
කොරෝනා වයිරසය මන්නාරම අගරදගුරු නිවෙසටත් පනී මන්නාරම අගරදගුරු නිවසෙහි සේවය කළ අයකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගැනීමත් සමඟ මන්නාරම අගරඳගුරු ලයනල් එමානුවෙල් පියතුමා ඇතුළු 57 දෙනෙකු අද(09) ස්වයං නිරෝධායනයට ලක් කළ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 09 October 2020
කොළඹ නගරයේ අහඹු පීසිආර් පරීක්ෂණ 200 ක් කොළඹ නගරයේ ඇගලුම් කම්හල්, ඉදිකිරිම් වැඩබිම් හා වරාය ආශ්‍රීතව අහඹු ලෙස තෝරාගත් ස්ථානවල සේවකයින්ගේ පීසිආර් පරීක්ෂණ සිදුකිරිමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත. 09 October 2020
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදෙකුටත් කොරෝනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක බිළිදෙක්ට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්යක්ෂ ජේ විජේසුරිය මහතා පැවසීය. 09 October 2020
ගම්පහ මහ රෝහලේ සේවකයෙකුට කොරෝනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 09 October 2020
විභාග සඳහා යන සිසුන්ට සෞඛ්යාරක්ෂිත දුම්රිය මැදිරි විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රියන්හි සෞඛ්යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය. 09 October 2020
කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වහයි කොරෝනා ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා ඇත. 09 October 2020
අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ සෞඛ්‍ය තොරතුරු ඉල්ලයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්, තම සෞඛ්‍ය තත්වය ඇතුළු අනෙකුත් තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදිය යුතු බව අමාත්‍යංශය පවසයි. 09 October 2020
හොරණ මූලික රෝහලේ 9 වාට්ටුවත් වහයි හොරණ මූලික රෝහලේ අංක 9 වාට්ටුව ද තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය . 09 October 2020
ඇඳිරිය පැනවූ ප්‍රදේශවල පෙරවරුවේ සිට රාත්‍රි 8.00 දක්වා වෙළෙඳසැල් විවෘතයි නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද පෙරවරුවේ සිට රාත්‍රී 8.00 දක්වා වෙළඳසැල් විවෘත කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 09 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1053 ට නගී නව කොරෝනා වයිරසය ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයකුට වයිරසය ආසාදනයවී ඇති බව තහවුරු වීමත් සමඟ එම ඇඟලුම් කම්හලෙන් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරේ රෝගීන්ගේ ගණන1,053 ක් දක්වා ඉහළ ගියේය. 08 October 2020
හොරණින් තවත් පුංචි පොකුරක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හොරණ කඳන් හේන පදිංචි කොරෝනා ආසාදිත නිලධාරීවරයාගේ අවුරුදු දෙකක් වයසැති දරුවාට, මවට හා බිරිඳගේ යෙහෙලියකට ද කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව පී සි ආර් පරීක්ෂණයෙන් අද (8) තහවුරු වී ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය. 08 October 2020
හොරණ රෝහලේ සෞඛ්‍ය සේවා නිලධාරිනියකටත් කොරෝනා හොරණ කදන්හේන කොවිඩ් රෝගියාගේ බිරිද රාජකාරී සිදු කළ හොරණ මූලික රෝහලේ පස් වන වාට්ටුවේ සෞඛ්‍ය සේවා නිලධාරිනියක් අද (8) සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය. 08 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026