
(නිමල කොඩිතුවක්කු)
රජය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ, ජනතා විරෝධතා වැළැක්වීමට පියවර ගැනීම, මාධ්‍ය ආයතන වලට තර්ජනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත නගර මධ්‍යයේදී අද (13) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සංවිධානය කළ මෙම විරෝධතාවය සඳහා සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී අලවතුවල, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, ඉරාන් වික්‍රමරත්න, රෝහිණී කවිරත්න, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ අලි සබ්‍රි එක්ක නැවේ තෙල් ප්‍රශ්නයට කඩේ දාගෙන කතා කරලා... අද හිටිහැටියේ මේ වගේ දෙයක් කිරීම දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ. මරු විපක්ෂ නායකයා.. ලැජ්ජ නැද්ද මන්දා...?
ගිලුණු නෞකාව ගැන සජිත් රජයත් එක්ක කතා කරලා ධීවරයින්ට සහන දෙන්න ඉදිරිපත් වීම මොකක්ද වැරැද්ද? නිකම් පිස්සු දොඩවන්න එපා. විපක්ෂනායකතුමා හොඳ දෙයක් කළත් නිකම් බොරුවට මඩ ගහන්න එපා.
ආණ්ඩුවේ වේදිකාවෙයි, විපක්ෂයත් එක්ක මහපාරෙයි ඉන්න චීවරධාරින් දැකීමත් පිළිකුල්... හාමුදුරුවන් මහණකම හැර අනෙකුත් සියලු දේ කිරීම කණගාටුයි..
හැමදාම මෙයාට ඔව්වා කර කර තමයි ඉන්න වෙන්නේ.. අපරාදෙ කාලය.. ගිය අවුරුද්දේ විතරක් මෙයාලා පැය 25000ක් විතර මෙයාලා කෑවා...
මෙයාට ඕනේ කොහොමහරි බලයට එන්න.., මිසක් ජනතාවට හොඳක් කරන්න නොවේ. පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැති කෙනෙක් නේද මේ..? එදා පාස්කු ප්‍රහාරය, මහ බැංකු හොරකම වගේ දේවල් වලට කට වහගෙන ඉඳලා දැන් බොරුවට දඟලනවා. ලැජ්ජාවක් නැහැ.