රවීට-අර්ජුන්ට උසාවි එන්නැයි සිතාසි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින බව කියන කොල්ලුපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ රුපියල් කෝටියකට වඩා වටිනා නිවසක් ලබාගැනීම හා එම නිවස සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලබන නෙවැම්බර් 18 වැනිදා අධිකරණ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා අද (12) සිතාසි නිකුත් කළේය. 12 October 2020
නිරෝධායනයෙන් පැන ගිය කොස්තාපල් බීලා පාරේ වැටිලා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගොස් බීමතින් මාර්ගයේ වැටී සිටියදී සොයාගත් පොලිස් කොස්තාපල්වරයා වැඩ තහනමට ලක් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 12 October 2020
ගම්පහ ඔසුසල්-වෙළඳසල් හෙට සිට වහයි කොරෝනා වයිරස තත්ත්වය පාලනය සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඔසුහල් ඇතුළු සියලුම වෙළඳසල් හෙට (13) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි. 12 October 2020
ශ්‍රීලන්කන් සේවකයකුට කොරෝනා ආසාදනය වෙයි කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වෛද්‍ය පරීක්ෂණ වලින් අද (12) තහවුරු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටී. 12 October 2020
මහ කන්නයේ දී මහනුවර වී ප්‍රභේද 5ක් වගාකිරීම තහනම් මහනුවර දිස්ත්‍රික්කය තුල මෙවර මහ කන්නයේදී වී ප්‍රභේද 5ක් වගා නොකරන ලෙස මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්කයේ ගොවින්ගෙන් ඉල්ලා සිටියි. 12 October 2020
විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණ යෝජනා අවසන් කෙටුම්පතට ඇතුළත් කරනවා ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරක සභා අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති උචිත හා අවශ්‍ය සංශෝධන ද අවසන් කෙටුම්පතට ඇතුළත් කර නීතිගත කිරීමට සළකා බලන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය. 12 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තව 39ක් එක්වෙයි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ ආසාදිතයන් පොකුරට තවත් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු අද(12) හඳුනාගෙන තිබේ. 12 October 2020
නීතියෙන් වෙන්ව සිටි බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කරයි නීතියෙන් වෙන් සිටින යුවළක් අතර කාලයක සිට පැවති ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම කාන්තාවට ඇයගේ සැමියා විසින් අද (12) පන්නල කැකිල්ලපිටිය මන්සන්ධියට ආසන්නයේදී උල් පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පන්නල පොලීසිය කියයි . 12 October 2020
අගලවත්තටත් නරි බියක් අගලවත්ත හෑළඹ ප්‍රදේශයේදී නරියෙකු සපාකෑමෙන් කාන්තාවක තුවාල ලබා ඇතිබවත්, ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් නරියා මරා දමා ඇති බවත් අගලවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චන්දන තෙවරප්පෙරුම මහතා පැවසීය. 12 October 2020
ශ්‍රී ලංකාවේ නව මහාභාරකාර නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන මහතා පත් කර තිබේ. 12 October 2020
දින තුනකදී ලොව පුරා ආසාදිතයන් මිලියනයක් අවසන් දින තුනේදී ලොව නන්දෙසින් නව කොරෝනා වයිරස ආසාදිතයන් මිලියනයක් වාර්තා වී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 12 October 2020
ලක්ෂ 20ක හෙරොයින් මොරගහහේනෙන් අල්ලයි රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් මත් කුඩු තොගයක් සමග කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මොරගහහේන තලගල දි හා බෙරුකැටිය ප්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 12 October 2020
වෛද්‍යවරුන් තිදෙනකුට කොරෝනා කොවිඩ් 19 ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු අද (11) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. 11 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1307 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පොකුරට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 60 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගෙන තිබේ. 11 October 2020
රිජ්වේ ආර්යා රෝහලේ සිටි බිළිදාගේ පියාට කොරෝනා නැහැ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා රෝහල් ගත වී සිටින බිළිදෙකුගේ පියා කෝවිඩ් ආසාදියකු බවට තහවුරු වුවද, අයි.ඩී.එච්. රෝහල මගින් සිදුකළ දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයේදී එම පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇති බව ගොතටුව පරිපාලන මහජන පරීක්ෂක නලීන් ෆෝන්සේකා මහතා පැවසීය. 11 October 2020
දින 5 ට පී.සී.ආර්. පරික්ෂණ 26000ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුර වාර්තා වීමෙන් පසු ඉකුත් පස්වැනිදා සිට මේ දක්වා පී.සී.ආර්. පරික්ෂණ 26000 කට ආසන්න ප්‍රමාණයක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 11 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් 61 ක් එක්වෙති මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පිරිසෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 61 දෙනකු අද හඳුනාගෙන තිබේ. 11 October 2020
අධිවේගී බසයෙන් ගාල්ලට පැමිණි 35කගේ තොරතුරු සොයයි කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක, කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ දක්වා කිසිවෙකු ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක් බව බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා පවසයි. 11 October 2020
තායිලන්තයේ පන්සලකට යමින් සිටි 18 ක් දුම්රියේ ගැටී මියයති තායිලන්තයේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් 18 දෙනකු මියගොස් බොහෝ දෙනකු තුවාල ලබා ඇත. අද(11) උදෑසන බැංකොක් නගරයට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිර දෙසින් මෙම අනතුර සිදුවිය. 11 October 2020
පන්නලින් ආසාදිතයින් 9 ක් හමුවෙයි මිනුවන්ගොඩ බ්රැන්ඞ්ක්ස් ඇඟලුම් ආයතනය ආශ්‍රිතව පැතිරී ගිය කොරෝනා වයිරසය හේතුවෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අද (11) වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගෙන ඇතිබව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 11 October 2020
මන්නාරමේ ගම් දෙකක් හුදෙකලා කරයි මන්නාරම පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කිරීමට අද ( 11) පියවර ගෙන තිබේ. 11 October 2020
දංකොටුවෙන් කොරෝනා අසාදිතයෝ දෙදෙනෙක් දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් මාවතගම සහ දකුණු ගෝනවිල යන ප්‍රදේශවලින්ද කොරෝනා ආසාධිත රෝගීන් දෙදෙනෙකු අද (11) වාර්තාවී ඇති බව එම සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 11 October 2020
ඇමරිකානු රාජ්‍ය ලේකම් මේ මාසයේදී මෙහි එයි ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මේ මස අගදී මෙරටට පැමිණෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා ලංකාදීපයට අද (11) පැවැසීය. 11 October 2020
වටවල ප්‍රජා ශාලාවේ රැස්විමක් විසුරුවා හරී කොරෝනා පැතිර යාමේ අවදානමත් සමඟ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ නිකුත් කර ඇති උපදෙස් උල්ලංඝනය කරමින් වටවල ටෙම්පල්ස්ට්‍රෝ ජන පදයේ ප්‍රජා ශාලාවේ පැවති රැස්විමක් විසුරුවා හැරිමට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා සහ වටවල පොලිසියේ නිලධාරින් (11) දින පස්වරුවේ කටයුතු කළහ. 11 October 2020
උසස් පෙළ සිසුන්ට මෙහෙයුම් මධ්‍යථානයක් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අනතුරු හෝ ආපදා හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් මතු වුවහොත් ඔවුන්ට උපකාර කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. 11 October 2020
කුඩා ලෝකාන්තයේ කූඩාරම් තහනම් පිටමාරුව කුඩා ලෝකාන්ත භූමිය තුළ සංචාරක කූඩාරම් ඉදිකිරීම මුළුමණින්ම තහනම් කළ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසීය. 11 October 2020
සෞඛ්‍ය නීති කැඩුවොත් මාස 6ක සිරදඬුවම් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් රෝගී ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශවල සෞඛ්‍ය විධිවිධාන කඩ කරන පුද්ගලයින්ට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 6ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට අධිකරණයට හැකි බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 11 October 2020
දියණිය-ඥාති දියණිය අපයෝජනය කිරීමට තැත් කළ පියෙක් අත්අඩංගුවට බීමතින් සිය දියණිය සහ ඥාති දියණිය අපයෝජන කිරීමට තැත් කළ බව කියන සැකකරුවෙක් (11) අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි. 11 October 2020
‘තැපෑලෙන් -දුරකතනයෙන් ජනපති කාර්යාලයට එන්න‘ ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධ වීමේදී තැපෑල සහ දුරකතන අංක ඔස්සේ සම්බන්ධ වන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවට දැනුම් දී තිබේ. 11 October 2020
කැලණිය සරසවියේ ශිෂ්‍යාවකට කොරෝනා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා පවසයි. 11 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026