පින්නවල බ්‍රැන්ඩික්ස් ඇගලුම් ආයතනය නිරෝධාන මධ්‍යස්ථානයක් වෙයි රඹුක්කන, පින්නවල පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිලි නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරිමට අදාල ආයතනය ලබා දි ඇත. 08 October 2020
ගම්පහට අමතර ගිලන්රථ - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කොරෝනා රෝග තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි අවශ්‍ය කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අමතර ගිලන් රථ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අනුයුක්තකර ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සඳහන් කරයි. 08 October 2020
නිරෝධායනය නොවී සැඟව සිටි 400 ක් බාරවෙති නිරෝධායනයට ලක් නොවී සැගව සිටි මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක පිරිසට වහාම පැමිණ ඉදිරිපත් වන ලෙසට පොලිසිය ඊයේ (8) සහ පෙරේදා (7) කර තිබු නියෝගයට අනුව සේවකයින් 400 ක් පමණ පිරිසක් පැමිණ සිටි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය. 08 October 2020
ඇදිරි නීතිය පැනවූවැයි ව්‍යාජ ලිපිය හැදූ අය අල්ලයි මුළු දිවයිනට ඇදිරී නීතිය ක්‍රියාත්මක යැයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ ලිපි ශිර්ෂයක් උපයෝගි කරගෙන ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් 18 හැවිරිදි තරුණයෙකු මීටියාගොඩ ප්‍රදේශයේ දී අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 October 2020
ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් මෙහෙට ආවෙ නෑ ඉකුත් කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට පැමිණ නැතැයි බ්‍රැන්ඩික්ස් සමාගම සඳහන් කරයි. 08 October 2020
ට්‍රම්ප් රූපවාහිනී විවාදයට එන්න බෑ කියයි ඩිමොක්රටික් ප්‍රතිවාදී ජනපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සමඟ අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනී විවාදයට සහභාගි වීම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතික්ෂේප කර තිබේ. 08 October 2020
දිවුලපිටිය කොරෝනා පොකුර 1044ට නගී දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය අද(08) සවස 6.40 වනවිට රෝගීන් 1044ක් වී තිබේ. 08 October 2020
ඔන්ලයින් ගෙවීම් ගැන ඉගෙනගන්න ගාල්ලේ නාගරික මන්ත්‍රීහු නුවරඑළියට යති සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද කොවිඩ් නිර්දේශ උල්ලංඝනය කරමින් ගාල්ල නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් නුවරඑළිය ප්‍රදේශයේ තෙදින ක්ෂේත්‍ර නිරීක්ෂණ අධ්‍යයනයක් සඳහා අද(8) පිටත්ව ගොස් ඇත. 08 October 2020
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට කොරෝනා නැහැ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැළඳී ඇතැයි විවිධ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නැතැයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2020
සිකුරාදා යාච්ඥාවට 50 ක් පමණයි කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් දේවස්ථානවල සිදුකරනු ලබන සිකුරාදා යාඥාව ඇතුළු සියලුම යාච්ඥාවන් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 50දෙනෙකුට සීමා කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඒ. බී. එම්. අෂ්රෆ් මහතා ලංකාදීපයට පැවසීය. 08 October 2020
ගිනිගත් නෞකාවේ කපිතාන්ට මහාධිකරණයේ නඩු පවරයි ශ්‍රී ලංකා සමුද්‍රය දුෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (8) නඩු පවරන ලදී. 08 October 2020
ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ගණන 4459යි මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4459කි. 08 October 2020
හලාවත රෝහලෙනුත් කොරෝනා ආසාදිතයෙක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනාගැනීම නිසා ඔහුව අද ( 8 ) ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කළ බව හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 08 October 2020
විකිරණ සහිත වැලි නිකුත් කිරීම අත්හිටුවයි පුල්මුඩේ ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් ආයතනයේ යන්ත්‍රාගාරයේ සිට දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකට ඉල්මනයිට් ලබාගැනීමෙන් පසුවැලි නිකුත් කිරීම වහා අත්හිටුවන්නැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. 08 October 2020
මිනුවන්ගොඩ පොලිස්ථානාධිපති ඇතුළු 85 කට පී.සී.ආර්. පරීක්ෂණ මිනුවන්ගොඩ පොලිස් ආපන ශාලාවේ හිමිකරු කොරෝනා ආසාදිතයකු බවට හෙළි වීමත් සමඟ එහි ස්ථානධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 85 දෙනෙක් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 08 October 2020
‘සැඟවී සිටින ඇගලුම්හලේ සේවකයන්ට එරෙහිව නීති පියවර ගන්නවා’ පොලිසිය ලබා දී ඇති නියෝග අනුව මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක පිරිසට සහ ඔවුන් සඟවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන අනුව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 08 October 2020
‘ඇඟලුම් කම්හලේ තවත් 125 ක් මෙතෙක් ඉදිරිපත් වී නෑ’ මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 125 ට ආසන්න පිරිසක් මෙතෙක් සෞඛ්‍ය අංශ හමුවට ඉදිරිපත් වී නොමැති බව අද (8) පෙරවරු වනවිට වාර්තා වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 08 October 2020
විස්ස ගැන දැනුවත් කිරීමේ රැස්වීම අරලියගහ මන්දිරයේදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් දැනුවත් කිරිමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) සවස 3.30 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. 08 October 2020
වේයන්ගොඩ අධි ආරක්ෂිත කලාපයක් කරයි වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බවට පත්කර ඇතැයි යුද හමුදාව පවසයි. 08 October 2020
ආසාදිත කතට ප්‍රතිකාර කළ ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ට කොරෝනා නෑ කොරෝනො ආසාදිතයකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. 08 October 2020
පුන්කුඩතිව් ගමට ඇතුළුවීම-පිටවීම සීමාකරයි යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයට ඇතුළු වීම හා පිටවීම සීමා කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත. 08 October 2020
මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව කළ අයටත් කොරෝනා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමෙන් එහි සේවය කරන පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ පී සී ආර් පරීක්ෂණ පවත්වා ඔවුන් අවශ්‍ය වන පරිදි නිරෝධායනයට යොමු කිරීම හෝ වෙනත් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සදහන් කළේය. 08 October 2020
පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොරෝනා බත්තරමුල්ල පැලවත්ත පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියකුගේ පවුලේ අයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි අද(8) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. 08 October 2020
දැරිය ගෙනයන්න ගිය නරියා කැටමුගුරු පහර කා මරුට නරියෙකු විසින් නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මක වී එය වළක්වා තිබේ. නරියා විසින් දැරියගේ කකුල සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහටල ඇතුලත් කර ඇත. 08 October 2020
කුලප්පුවීම් එපා: බුද්ධිමත්ව කටයුතු කරමු සන්ත්රාසය යනු ඉංග්‍රීසි භාෂාවෙන් ‘‘Panic’’ යන්නට සිංහල භාෂාවෙන් යෙදෙන වදනකි. තවත් අර්ථයක් වශයෙන් හදිසි බිය නිසා හටගන්නා ව්‍යාකූල බව වශයෙන් ද ගත හැකිය. එමෙන්ම වඩාත් සරල ආකාරයකට එය ‘කුලප්පු වීම’ කියා ද කිව හැක. මේ අර්ථ දැක්වීම් සියල්ලම මේ දිනවල රටේ පොදු මහජනතාවට අදාළ වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර හේතුවෙනි. 08 October 2020
කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ 34 කට කොරෝනා කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් 300 ක ගෙන් 34 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පැවසීය. 08 October 2020
ගංජාවල ආනන්දය කියන්න පාර්ලිමේන්තුවේ පොතක් බෙදලා පාර්ලිමේන්තුවේ කටයුතු අද (8) ආරම්භ වනවාත් සමඟම නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුව තුළ බෙදාහැර ඇති පොතක් සම්බන්ධයෙන් ගැටලුවක් ඉදිරිපත් කළේය. 08 October 2020
ආසාදිත ඇඟලුම් සේවිකාවගේ මවටත් කොරෝනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මව වන පොල්පිතිගම රාවාඇළ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය. 08 October 2020
මිනුවන්ගොඩින්-ගම්පහින් ආ සබරගමුවේ සිසුන් 75ට කොරෝනා නැහැ මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේවලින් පැමිණි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට යොමු කළද ඒ කිසිවෙකුටවත් කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය අතුල ඥානපාල මහතා අද (08) පැවසීය. 08 October 2020
ලක්ෂ 50 ක කහ තොගයක් අල්ලයි උඩප්පුව පුනවිටිය මුහුදු තිරයෙන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් ලක්ෂ 50 කට අධික කහ තොගයක් නාවික හමුදා බුද්ධි තොරතුරක් මත මැරින් නාවිකයින් විසින් සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන උඩප්පුව පොලිසියට 7 දින භාර දී තිබුණි. 08 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026