(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලයෙ පළවූ දැන්වීමක් මාර්ගයෙන් බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා යෙද වූයේ යැයි ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (13) නියෝග කළාය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට දැරිය ලබා දී ඇත්තේ මෙම සැකකරු විසින් බව ලමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව ලබන 26 වැනිදා හඳුනාගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට සැකකරු ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් සීන් එකේ ඉන්නවාලු නේද? අපි බලන් ඉන්නේ එයා අත් අඩoගුවට ගන්නකන්
ඇත්තටම මොකක්ද හරි, මෙම සම්පූර්ණ සිද්ධිය අනුව අන්තර් ජාලයේ විකුණූ පාරිභෝගික සේවාව සැපයූ අයයි, මිලදී ගත් අය වැරදි කරුවන් ද? විකුණූ අයගේ අරමුණ මුදල් ඉපයීම,,මෙතැන වයස අවුරුදු ගනන හන්ගලා, බිලි කොක්ක ට ඇම දාලා මාළු ඇල්ලූවොත්, වැරදි ඇම කාපු මාලුවන් ද?
රටේ නීතියට ගරු කරන්න කාන්තාවක් හැටියට...
අර පිටකොටුව පැත්තේ... මාවනැල්ලේ උන්නාන්සේලාත් අත්අඩංගුවට ගන්න.