
(සුජිත් හේවාජුලිගේ සහ ටී.කේ.ජී කපිල)
එන්නත්කරණ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සිරින්ජර (SIRINGER) දස ලක්ෂයක තොගයක් චීනයේ සිට මෙරටට අද (13) අළුයම රැගෙන එනු ලැබීය.
මේ සිරින්ජර තොගය රැගෙන විත් තිබුණේ චීනයේ ෂැන්හයි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 867 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙනි.
පෙට්ටි 536 අසුරා තිබූ මෙම එන්නත් තොගයේ බර කිලෝ ග්‍රාම් 3760ක් පමණ වේ.
මෙම සිරින්ජර තොගය පසුව කොළඹට රැගෙන ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවැසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේඩ් ඉන් ශ්‍රී ලංකා කරනවා කිව්වට ඔක්කොම පිටරටින්...