ලක්ෂ 50 ක කහ තොගයක් අල්ලයි උඩප්පුව පුනවිටිය මුහුදු තිරයෙන් මෙරටට රැගෙන එමින් තිබු රුපියල් ලක්ෂ 50 කට අධික කහ තොගයක් නාවික හමුදා බුද්ධි තොරතුරක් මත මැරින් නාවිකයින් විසින් සැකකරුවන් තිදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන උඩප්පුව පොලිසියට 7 දින භාර දී තිබුණි. 08 October 2020
කොන්සියුලර් අංශයේ සේවා දෙදිනක් නවතී රටේ පවතින තත්ත්වය හමුවේ මහජන එක්රැස් වීම සීමා කිරීම සහ කෝවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (08) සහ අනිද්දා (09) දෙදින විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර ඇත. 07 October 2020
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අවලංගු කරයි කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය 15 ක් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 07 October 2020
දිවුලපිටිය කොරෝනා පොකුර 1034 ට නගී අද රාත්‍රී 7.45 වන විට දිවුලපිටිය කොරෝනා පොකුරේ විශාලත්වය රෝගීන් 1034 ක් වී තිබේ. 07 October 2020
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටත් එන්න එපා කියයි මේ වනවිට රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය සැළකිල්ලට ගනිමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා දායකයන්ගේ පැමිණීම හෙට (08) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. 07 October 2020
ඉන්දියාවෙන් ආ නැවියෙකුටත් කොරෝනා අතේ සිදුවු කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද ඉන්දීය ජාතික නැවියෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවිමෙන් පසු අද (07) සවස ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 07 October 2020
වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයට යද්දී නොඑන ගමන් යයි ගම්පහ ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් හත් වෙනිදා සවස දින 14 ක කාලයක් වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට නිරෝධායන කටයුතු සදහා රැගෙන යමින් සිටියදි එම පිරිසෙන් එක් මවක් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 07 October 2020
නෙවිල් ප්‍රනාන්දු රෝහලත් කොවිඩ් හා සටනට බසී කොරෝනා ප්‍රතිකාර සේවාවන් ලබාදීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 07 October 2020
රාගම රෝහලින් පැන ගිය ආසාදිතයා සොයාගනී රාගම රෝහලින් පැනගොස් ගොස් සිටි කොරෝනා ආසාදිත රෝගීයා අද (7) පස්වරුවේ රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේදී සොයාගෙන ඇත. 07 October 2020
කොරෝනා වයිරසය ගලහටත් යයි මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ ගලහ ලෙවලන් වත්ත මනිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඇයට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණය අනුව අද දින (7) තහවුරු වී ඇත 07 October 2020
තවත් ආසාදිතයින් 6 ක් හඳුනාගනී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් සිව් දෙනකු සහ ඒ ආශ්‍රිතයින් දෙදෙනකු කොරෝනා අසාදිත යැයි හඳුනාගෙන තිබේ. 07 October 2020
ආණමඩුවේ ගම් කිහිපයකට ඇතුළුවීම-පිටවීම සීමා කරයි ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද(7) දහවල් සිට ජනතාව ඇතුළු විම හා පිටවිම සිමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි. 07 October 2020
කුරුණෑගලින් තවත් රෝගියෙක් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය. 07 October 2020
කොරෝනා තොරතුරු කියන්න මෙහෙයුම් මැදිරි දෙකක් කොවිඩ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහජනතාව සතු තොරතුරු ලබාදීම සඳහා පොලිස් මුලස්ථානයේ පොලිස්පති පාලක මැදිරියක් සහ පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 07 October 2020
උපකාරක පන්ති නවත්වයි රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් එක් එක් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට ප්‍රාදේශීය වශයෙන් තීරණය කෙරෙමින් පවතී. 07 October 2020
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ නව පොකුරක් නිර්මාණය වූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සති කිහිපයක් මුළුල්ලේ සිට වයිරසය තිබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹදී අද (7) ප්‍රකාශ කළේය. 07 October 2020
ඇඟලුම් කම්හලේ ගම්පහ පදිංචි සේවකයන් සියලු දෙනාම කැඳවයි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සියලුම සේවක සේවිකාවන්ට අද(07) සවස 4.00ට පෙර පහත සඳහන් ස්ථානවලට වාර්තා කරන ලෙසට පොලිසිය නියෝග කර ඇත. 07 October 2020
ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව කියන, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය. 07 October 2020
ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක් මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ තවත් 190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ. 07 October 2020
දඹුල්ලේ ලොකු ලූනු ගිනි ගණන් දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 240 ක ඉහළ තොග මිල අද (07) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ට ලැබෙන බව දේශීය ලොක ලූනු ගොවියෝ පවසති. 07 October 2020
උසස් පෙළ - ශිෂ්‍යත්වය සැලසුම් කළ පරිදිම අපොස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදි නියමිත දිනවල පැවැත්වීමට රජය තීරණය කර ඇත. 07 October 2020
ගම්පහ කොරෝනා ආසාදිත රෝගීන් 21ක් රෝහලට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් ප්‍රදේශවල පදිංචි හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් 21 දෙනෙකු රෝහල් ගත කිරීම සඳහා කටයුතු කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පවසයි. 07 October 2020
සීදූවටත් ඇඳිරි නීතිය මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් සීදූව පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 October 2020
‘මෙවර සොයාගත් අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය වැඩියි‘ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන් මේ වන විට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 07 October 2020
සමගි ජනබලවේගයේ 20ට එරෙහි විරෝධතා අත්හිටුවයි කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් විස්සට එරෙහිව හෙට (8) දිනයේ හයිඞ්පාක් පිටියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරය අවලංගු කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 07 October 2020
ගුවන් තොටුපළ සේවිකාවකටත් කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය. 07 October 2020
අජිත් රෝහණ ආපසු එයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. 07 October 2020
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය පස්වරු 2.00ට ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය අද(7) පස්වරු 2.00ට පමණ ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 07 October 2020
දිවුලපිටිය පාසලේ ගුරුවරුන් 57දෙනාට කොරෝනා නෑ කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කෙරුණු දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට වෛද්‍ය බලධාරීන් එම විදුහලට දැනුම් දී ඇත. 07 October 2020
කොරෝනාවෙන් නඩුත් කල්යයි කොරෝනා වයිරස වසංගත තත්ත්වය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් සියලු අධිකරණ වෙත දැනුම් දී තිබේ. 07 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026