ගම්පහටත් ඇඳිරිය දික්වෙයි ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(06) පස්වරු 6.00 සිට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 06 October 2020
එස්. වියාලේන්ද්‍රන් රාජ්‍ය ඇමති ධූරයකට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 06 October 2020
ඉන්දියාවේ ලක්ෂ 66කට කොරෝනා ගත වූ පැය 24 දී කොරෝනා වයිරසය ආසාදිතයන් 61, 267 දෙනකු වාර්තා වීමත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 66ක් දක්වා ඉහළ ගොස් ඇත. 06 October 2020
පාර්ලිමේන්තු එනවා නම් සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න දිවයිනේ මේ වන විට නැවත උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හමුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. 06 October 2020
කෝටි දෙක හමාරක හාල් පැන්නුවේ කොහොමද? රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනාකමකින් යුත් කිලෝ 50 සහල් මිටි 8,327 ක් අතුරුදන් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සතොස ඔරුගොඩවත්ත ගබඩාවේ ගබඩා පාලකවරුන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 06 October 2020
උප පොලිස් පරීක්ෂකට ලක්ෂ 3 ක අල්ලසක් නඩුවක විත්තිකරුවෙකු රජය රජයේ සාක්කිකරුවකු කර දෙන ලෙසට සහ තවත් නඩුවක් ඉවත් කර දෙන ලෙස පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 ක අල්ලස් මුදලක් ලබා ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (6) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. 06 October 2020
ඇඟලුම් කම්හලේ සේවය කළ පන්නල අයකුටත් කොරෝනා දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සේවය කරන පන්නල වැටකෙයාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 06 October 2020
හිටපු අගමැතිගෙන් පැය එකහමාරක සාක්කි විමසයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ සාක්කි දීම සඳහා පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැය එකහමාරක් සාක්කිදීමෙන් අනතුරුව පිටව ගියේය. 06 October 2020
මාතලෙන් හමුවූ ආසාදිතයා වැලිකන්ද රෝහලට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මාතලේ, පල්ලේපොල , ඇහැලේපොල ප්‍රදේශයේ පදිංචි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට කොරෝනා -19 වයිරසය ආසාදනය වී ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය අද (06) දා පැවසුවාය. 06 October 2020
ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට “එළියට යන්න, කොරෝනාවට බය වෙන්න” එපා යැයි දින තුනක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලබාගත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. 06 October 2020
’හැඳුනුම්පත් එක්දින සේවාව ඇතුළු මහජන සේවා දින තුනක් නෑ’ හැඳුනුම්පත් එක් දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් 7,8 සහ 9 යන දිනයන් හි නොපැවැත්වෙන බව කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 06 October 2020
රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරෙයි පාස්කු ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බවට සැක කරමින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන ගැටලුවක් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුලින් කී ප්‍රකාශ හා පසුව කළ ප්‍රකාශ පරස්පර බවත් මෙසේ සැකකටයුතු අයෙක් නම් නිදහස් කළේ ඇයි දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. 06 October 2020
‘යාගොඩ - වදුරව අතර දුම්රිය නවත්වන්නේ නෑ’ ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වදුරව අතර දුම්රිය ස්ථානවල නැවත දැනුම් දෙනතුරු දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2020
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 569 යි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 468 දෙනෙකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) තහවුරු වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 06 October 2020
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය හෙට කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ අවසන් තීරණය හෙට(බදාදා) ගැනීමට සූදානමින් සිටී. 06 October 2020
ඇඟලුම් කම්හලේ සිටි මහඔය කාන්තාවකටත් කොරෝනා දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකල පී.සී.ආර් පරික්ෂණයේදි අද(06)තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 06 October 2020
මුහුණු පොතේ අසත්‍ය තොරතුරු පැතිර වු අයෙකු දැලේ කොවිඩ් වැළඳුණු රෝගියෙකු කළුබෝවිල රෝහලෙන් මුදා හැර ඇති බවට වෛද්‍යවරයෙකුගේ නම සඳහන් කරමින් මුහුණු පොතේ අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 October 2020
ලෝකෙන් 10 න් එකකට කොරෝනා මේ වනවිට දළ වශයෙන් ලොවපුරා පුද්ගලයන් 10 දෙනකුගෙන් ඒක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි උපකල්පනය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 05 October 2020
පොලිසියේ නිවාඩු අවලංගුයි රටේ උද්ගතව ඇති තත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 05 October 2020
බෝම්බ පිපිරීමේ වගකීම මම බාරගන්න ඕන නෑ “රටක බෝම්බ පිපිරුණාම එහි වගකීම රටේ නායකයා භාරගත යුතු නැහැ. වෙන රටවල කවුරුවත් එහෙම රටේ නායකයාට ඇගිල්ල දිගුකරන්නේ නැතැ”යි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) පැවසීය. 05 October 2020
රජයෙන් අවවාදයක් කොරෝනා වයිරසයෙන් ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් රජය විවිධ විධි විධාන ගනු ලැබූ බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතින ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 05 October 2020
ට්‍රම්ප් කොරෝනාව ගණන් නොගනී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත් කොරෝනා වයිරසය සැලකිල්ලට ගෙන නැතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ. 05 October 2020
ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර 101 ට නගී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි. 05 October 2020
යාපනයේ කාන්තාවකටත් කොරෝනා යාපනය පුන්කුඩතිව් ප්‍රශෙයේ පදිංචි කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) දින සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලින් තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. 05 October 2020
හිටපු ජනපතිගෙන් පැය 7ක් සාක්කි ගනී පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැය 7කට පසු කොමිසමෙන් පිටව ගියේය. 05 October 2020
මොණරාගල කාන්තාවකටත් කොරෝනා දිවුලපිටිය කෝවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කෝවිඩ් 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ පී.සී.ආර් පරීක්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි 05 October 2020
බ්‍රැන්ඩික්ස් සේවකයින් ඇසුරු කළ අයගේ තොරතුරු ඉල්ලයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ අය මෙන්ම පසුගිය දිනවල එහි ගිය හා එහි සේවය කරන්නන් ආශ්‍රය කළ අය වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට තම තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 05 October 2020
සෞදියේ ශ්‍රී ලාංකිකයන් 128,000 කට සේවකයන් 2 යි සවුදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභ සාධන අංශයේ නිලධාරින් ආපසු කැඳවීම නිසා එරට සේවයේ යෙදෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධන කටයුතු ඇතුළු රැකියා සම්බන්ධ කටයුතු සියල්ල ඇන හිට ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 05 October 2020
යාපනයේත් පවුල් දෙකක අයට පී.සී.ආර් පරීක්ෂණ දිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කළ තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් එම ආයතනයේ සේවය කළ යාපනයේ කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කළ බව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය. 05 October 2020
කුරුණෑගල රෝහලෙන් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (5) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. 05 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026