(බුලත්සිංහල ලක්මිකුඩලිගම)
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පරගොඩ ගම් දෙකක දරුවන්ට ඔන්ලයින් හරහා අකුරු කරන්නට සංඥා නොමැතිකමින් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ඔවුන්ගේ මවුපියෝ කියති.
ඔවුහු අවු වැසි නොතකා දුෂ්කරතා රැසක් මැද ඔන්ලයින් හරහා අධ්‍යාපනය කරන්නට සිය මව්පියන් සමග පරගොඩ මොරවක කන්ද තරණය කරති.
කොරෝනා වසංගතය නිසා පාසල් වසා දැමුනද මෙම දරුවන්ට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දෙනවා. එහෙත් ප්‍රදෙස් රැසක දරුවන්ට එලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමේදී විවිධ දුෂ්කරතා මතුවූ අතර අන්තර් ජාල පහසුකම් සඳහා අවශ්‍ය දුරකථන සංඥා නොමැති කම ඊට ප්‍රධාන ගැටළුව වී තිබේ.
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පරගොඩ නැගෙනහිර සහ පරගොඩ බටහිර යන ග්‍රාම නිලධාරි වසම් තුළ සිටින හොරණ අධ්‍යාපන කළාපයේ පාසල් රැසක 300ක් පමණ දරුවෝ මේ අයුරින් දුක්ගැහැට විඳිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අධ්‍යාපනය දුක් විඳින්නේ අප රටේ අනාගත පරපුරයි. වයසක දේශපාලන හැතිකරය හිතන් ඉන්නවා ඇත්තේ ඒ අයගේ දරු මුණුපුරන් රජකරවා මේ දරුවන් ඒ අයගේ වහලුන් කරන්නට වෙන්න ඇති. ඒ නිසා මේ දරුවන් ගැන නොසිතනවා වෙන්න ඇති. නොඑසේ නම්, එක්තරා ගුවන් සමාගමක අවුරුද්දක පාඩුව විතරක් ඩොලර් කෝටි 16 කි. මේ පාඩු කියන්නේ කා වෙනුවෙන් හෝ වියදම් කරපුවා හා යටිමඩි ගහපුවා වෙන්නට පුළුවන්... ඒවාට මෙතරම් මුදල් වියදම් කරන රටේ මේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සැලසීමට මුදල් නැහැ. පුදුමය කියන්නේ ඒකයි.
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදයේ ගැටළු හා අසම්පූර්ණ බාවයන් රැසක් පවතින බව සත්‍යයකි. නමුත් වෙනත් විකල්පයක් නැති කළ එයත් යම් විසඳුමකි. එහෙත් තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට එයද කඩා කප්පල් කිරීමට, එනම් දරුවන්ගේ අනාගතය කඩා කප්පල් කිරීමට කුහක වන්නන් මේ රටේ සිටීම කණගාටුවට කරුණකි. පුද්ගලික අංශයේ සේවාවන්ට විරුද්ධව රජයේ රෝහල් ,ගමනා ගමනය,අධ්‍යාපනය කඩා කප්පල් හා අඩපන කිරීමෙන් වන්නේ එවැනි සේවාවන් සපයන පුද්ගලික අංශ තවත් හොඳින් වර්ධනය වීමය. නමුත් ප්‍රශ්ණය වන්නේ රජයේ සේවාවන් බලාපොරොත්තු වන දුගී ජනතාව තවතවත් මේවා නිසා පීඩාවට පත්වීමය. මෑතකදී නිරෝධායන අත් අඩංගුවට පත් වෘත්තීය සමිති නායකයෙක් හා යුරෝපා සංගමය අතර සම්බන්ඳයක් ගැන හිටපු අගමැති කෙනෙකුගේ කටින් පිටවිය. ඒ අනුව මොවුන් ඔවුන්ගේ බළල් අත් දැයි සැකයක් ද ඇතිවේ.
ළමයි ඔන්ලයින් යන්නේ කැමරා කාරයින්ටත් එන්න කියලද?