(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව මත දෙකක් තිබීම නිසා තාක්ෂණික උපදෙස් අනුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
විෂය නිර්දේශ ආවරණය කර නොමැති වීම නිසා විභාගය කල්දමන ලෙස පළමු වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉල්ලා සිටින බවත් ප්‍රමාදයකින් තොරව විභාගය ඔක්තෝබර් මස පවත්වන ලෙස දෙවැනි වර විභාගයට පෙනී සිටින දරුවන් ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ පිළිබඳව සාධාරණ තීරණයක් ගැනීමේදී විභාග දෙපාර්තමේන්තුවට විශාල බරක් සහ කාර්යක් පැවරෙන බවත් මෙහි පළමු පියවර ලෙස විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීම ආරම්භ කළ බවත් අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා පැවසුවේ මෙවර උසස් පෙළ විභාගයට පළමු වරට ඉදිරිපත් වන අපේක්ෂකයන් ලක්ෂ දෙකක් පමණ ද, දෙවැනි වරට පෙනී සිටින අපේක්ෂකයන් 150,000ක් පමණ ද, පෙනී සිටීමට නියමිත බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ඇමැතිගේ මුහුණ දැක්කාම ඉගෙනුම එපා වෙනවා. වේලුණු පුහුල් ගෙඩියක් වගේ. අනේ ඇත්තට සර්ට ටිකක් පණ තියෙන වියතෙක් නැතිද මේ තනතුරට..?. ජොනී වුණත් කමක් නෑ. ඉගෙන ගත්තා කියලා වැඩකුත් නැති එකේ...
මෙම විභාගයේදී ප්‍රමුඛතාවය දිය යුත්තේ පළමු වරට පෙනී සිටින දරුවන්ට. නිසි පරිදි පාසැල් නොපැවැත්වීම නිසා වඩාත් අසරණ වී සිටින්නේ ඒ දරුවනුයි.
දෙවන වර පෙනී සිටින සිසුන්ගේ ප්රථිථල ආවේ මැයි මාසේ .කලින් අවුරුදු වල A/l ප්‍රතිථල ඇවිල්ලා මාස 7ක කාලයක් තියනවා .2021 වර්ශයේ දෙවන වර හා තුන්වන වර පෙනී සිටින සිසුන්ට ලැබිලා තියෙන්නෙ මාස 4ක් පමන කාලයක්
ඔක්තෝබර් මාසේ විභාගය පවත්වන්න..
අනේ සර් a/l ඔක්තෝබර් තියන්න එපා . අපිට තව සිලබස් කවර් කරල නෑ තව 13 වසර පාඩම් එහෙම්මමයි තව උගන්නන්න ඒක නිසා දෙසැම්බර් වලට කල් දාන්නකෝ
2021 උසස් පෙළ විභාගය මූලිකව තියෙන්නේ පළමුවර පෙනී සිටින සිසුන්ට. දෙවනවර පෙනී සිටින සිසුන් වසර තුනහමාරක වගේ කාලයක් උසස් පෙළ ඉගෙනගන්න අය... ඉතින් ඒ අයට විෂය නිර්දේශ කොහොමත් ආවරණය වෙලා ඇති. නමුත් පළමුවර පෙනී සිටින සිසුන්ට පාස්කු ප්‍රහාරය නිසා උසස් පෙළ අධ්‍යාපනය පටන් ගන්න ලැබුනෙත් ප්‍රමාද වෙලා. ඒ නිසා රජය ඒ පිළිබඳ කාරුණිකව සලකා බලා තීරණයක් ගන්නවා නම් වඩා හොඳයි.
පළමුවර විභාග ලියන ළමයිට තාමා ලොකුම අසාදාරණය අවුරුදු දෙකෙම හරියට පාසල් පැවැත්වීමට නොහකි වුන නිසා විශය නිර්දේශය ආවරණය වෙලා නැ. තීරණ ගන්න ඕන පළමුවර විභාගෙ ලියන අය ගැන හිතලා. දෙවනවර ලියන අයට විශය නිර්දේශය ආවරණය කිරිම ගැන ප්‍රශ්නයක් නැනෙ