බ්‍රැන්ඩික්ස් සමාගමෙන් විශේෂ ආරක්ෂණ ක්‍රමවේද බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ සාමාජිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමඟම එම කර්මාන්තශාලාවේ සියලුම සේවක සේවිකාවන් වයිරසයෙන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇතැයි බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 04 October 2020
නවතම තර්ජනය පාලනය කිරීමට කඩිනම් පියවර 10 ක් මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර 10 ක් ගන්නා ලදි. පාසල් වසා දැමීමේ සිට සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල ආසන ධාරිතාව අනුව පමණක් මගීන් ගෙනයාම දක්වා එම පියවර ක්‍රියාත්මක වනු ඇත. 04 October 2020
සංගීත සංදර්ශන- ප්‍රියසම්භාෂණ සඳහා යළි සීමා පනවන්න වේවි සමාජය තුලින් යළිත් කොවිඞ් 19 රෝගියෙක් වාර්තා ඇති නිසා, කොවිඞ්-19 මර්දනය කිරීමට පසුගිය කාලයේ දී ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 04 October 2020
බස්රථ වල මගීන් ආසන ගණනට පමණයි පෞද්ගලික හා ලංගම බස් රථ ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 04 October 2020
ගුවන්තොටුපොළටත් නව සීමා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට අද (4) උදෑසන ඇදිරිනීතිය පැනවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ යම් සීමාකිරීම් කීපයක් සිදුකිරීමට කටුනායක ගුවන් තොටුපළ ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත පියවර ගනු ලැබ ඇතැයි ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීයා පැවසීය. 04 October 2020
රියාජ් බදියුදීන් නිදහස්වීම ගැන මට නම් සැකයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය කළ ත්රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඇතැයි කියමින් මාස පහකට පෙර අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් මහතා චෝදනා නැතැයි කියමින් නිදහස් කිරීම ගැන සැකයක් මතුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. 04 October 2020
මිනුවන්ගොඩ-දිවුලපිටිය සිටින හමුදා සාමාජිකයින් කඳවුරුවලට එන්න එපා මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවල වෙසෙන සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නැවත දැනුම් දෙන තුරු සිය කඳවුරු වලට වාර්තා නොකරන්නැයි දැනුම් දුන් බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 04 October 2020
දිවුලපිටියේ ආසාදිත කත ඇසුරු කළ 100ක් නිරෝධායනයට දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ්‍රිතයන් 100දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 04 October 2020
ඇඟලුම් කම්හලේ තවත් 40 ක් ගැන විමසිල්ලෙන් සේවකයින් 1500 ක් පමණ සේවය කරන දිවයිනේ ප්‍රධාන පෙළේ නමගිය ඇඟලුම් ආයතනයක එක ශාඛාවක සේවක සේවිකාවන් 40 ක් පමණ අසනීප තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ඉල්ලුම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඇඟලුම් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් පසු අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර තිබේ. 04 October 2020
කැලණිය සරසවිය සතියක් වහයි කැලණිය විශ්ව විද්‍යාලය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය හෙට (5) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි. 04 October 2020
මීගමුව-මහර බන්ධනාගාරවල රැඳවියන් බැලීම අත්හිටුවයි මීගමුව සහ මහර යන බන්ධනාගාරවල රැඳවියන් බැඳීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 04 October 2020
සැමියාගේ වෙඩි පහරින් බිරිඳ රෝහලේ නිකවැරටිය විද්‍යාර්ථ මාවතේ නිවසක් තුළදී සැමියාගේ වෙඩි ප්‍රහාරයට ලක්වූ බව කියන බිරිඳ රෝහල් ගත කර ඇති බවත්, ප්‍රදේශයෙන් පලාගිය සැමියා ගිනි අවිය සමග අද(04) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බවත් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 04 October 2020
දෙවැනි වාර නිවාඩුව හෙට සිට ලබන සිකුරාදා (9) ලබාදීමට තිබූ පාසල් නිවාඩුව හෙට (5) සිට දිවයිනේ සියලුම පාසල් දරුවන්ට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. 04 October 2020
ගම්පහ පාසල් හෙට සිට සතියක් වහයි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (5) සිට ලබන සිකුරාදා (9) දක්වා නොපැවැත්වෙන බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජි.එල්. පිරිස් මහතා පවසයි. 04 October 2020
හිටපු ප්‍රා. සභාපති බලපත්‍රය කණපිට පෙරළයි හොරොව්පොතාන පහළ යාන් ඔය ව්‍යාපෘතියට අයත් වාගොල්ලාකඩ ජලයෙන් යටවන ප්‍රදේශවල මීට පෙර කැනීම් කළ වැලි වලවල් වැසීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ලබාදුන් බලපත්‍රයක් ළඟ තබාගෙන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු මෙහෙයවන ලද මහා පරිමාණ වැලි ජාවාරමක් වැටලීමට ත්‍රිකුණාමලය සහ කැබිතිගොල්ලෑව යන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිලධාරීහු අද (4) සමත්වුහ. 04 October 2020
දිවුලපිටියට-මිනුවන්ගොඩට ඇඳිරි නීතිය දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල පෙදෙස් වලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පනවා තිබේ. 04 October 2020
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ නාවික ආරක්ෂකයකුට කොරෝනා ශ්‍රී ලංකා පොලිසිය විසින් හබරාදුව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමුකර සිටි නාවික ආරක්ෂකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහු ඊයේ (03) රාත්‍රියේම හම්බන්තොට රෝහලට යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 04 October 2020
දිවුලපිටියේ කොරෝනා ආසාදිත කතක් අයිඩීඑච් රෝහලට දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 04 October 2020
කෙහෙළිය රිෂාඩ්ව එපා කියයි 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළද රිෂාඩ් බදියුදීන් තම පක්ෂයට එකතුවීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය. 03 October 2020
මුහුදේ දියනෑමට ගිය 3ක් අතුරුදන් කොච්චිකඩේ කම්මල්තොට මෝය අසල මුහුදේ දියනෑමට ගිය තරුණ පිරිසක් අතර සිටි තිදෙනෙකු අද (03) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි 03 October 2020
ට්‍රම්ප් දින කිහිපයක් රෝහලේ නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු රෝහල් ගත කෙරුණු ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. 03 October 2020
ඉන්දියාවේ කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා වයිරස ආසාධිත මරණ ගණන අද (3) ලක්ෂය ඉක්මවා ගියේය. ඒ අනුව ලොව තෙවැනියට වැඩිම කොරෝනා වයිරස ආසාධිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. 03 October 2020
කෝටි 16 ක හෙරොයින් කිලෝ 16 ක් අල්ලයි රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 16කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් 7ක් වෙන්නප්පුව, කොස්වත්ත, කිරිමැටියාන ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 03 October 2020
ලක්ෂ 5 ක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි මහා පරිමාණයෙන් ඈෂ් සහ හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5කට අධික වටිනා ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සහ හෙරෝයින් ග්‍රෑම් 10 ක් රැගෙන ගිය ත්‍රිරෝද රථයද සමග නැදිමාල ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 03 October 2020
ට්‍රම්ප් රෝහල්ගත කරයි කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත. 03 October 2020
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවයි ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ඔක්තෝබර් 4 වැනිදාට කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කරයට අදාළ මුදල සහ නියමිත පොළී මුදල් ගෙවා අවසන් කළ බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 02 October 2020
යළි නිර්මාණය වන්නේ 1978 ව්‍යවස්ථාවයි විසි වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් සලකා බැලීමේදී අධිකරණය තීරණය කළ යුත්තේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතුද නැද්ද යන්න පමණක් බවත් නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කියා සිටියේය. 02 October 2020
මනම්පිටියේ වැලි මිලදී ගන්න අලුත් ක්‍රමයක් මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා අද (02) පොලොන්නරුවේ මනම්පිටියේදී පැවැසීය. 02 October 2020
අධිකරණ නියෝග නොතැකූ බැංකු නිලධාරියාටත් ඇප රුපියල් කෝටි 49 ක් සංසරණය වූ බැංකු ගිණුම අත්හිටුවන ලෙස දුන් අධිකරණය නියෝගය කඩ කළ බැංකු විධායක නිලධාරීවරයා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට ගල්කිස්ස අධිකරණයේ මහේස්ත්‍රාත් උදෙශ් රණතුංග මහතා අද (2) නියෝග කළේය. විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන රත්මලාන ’කුඩු අංජු’ සහ මොරටුමුල්ල ’ඇල්ටෝ ධර්මේ’ නැමැති අපරාධකරුවන් විසින් මෙහෙයවනු ලැබු මත්කුඩු ජාවාරමේ මුදල් මෙම බැංකු ගිණුමට යොමු කර තිබිණ. 02 October 2020
එතෙර සුභසාධන අංශ වහන්න එපා‘යි ඉල්ලති විදේශ රටවල තානාපති කාර්යාලවලට අනුයුක්ත කර ඇති කම්කරු සුභ සාධන නිලධාරින් ගේ සේවය අත්හිටුවා ඔවුන් මෙරටට ගෙන්වීමට කම්කරු අමාත්‍යංශය ගෙන ඇති තීරණය නිසා අලුත් විදේශ රැකියා සොයාගැනීම් නවතින බවත්, දැනට විදෙස් ගත වී සිටින සේවකයින්ගේ ආරක්ෂාවට බාධා සිදුවන බවත් වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සේවක සංගමයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත. 02 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026