(ඩයනා උදයංගනී)
වත්මන් රජය කොරෝනා වසංගතය හා නිරෝධායන ක්‍රියාවලිය රාජ්‍ය මර්දනයේ උපකරණයක් ලෙස යොදාගෙන ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
බොරුවෙන් පාලන බලය ගත්තත් ආර්ථික අර්බුදය බොරුවෙන් ජයගත නොහැකි බව ආණ්ඩුව දවසින් දවස ඔප්පු කරමින් සිටින බව කී මන්ත්‍රීවරයා රජයේ අවනීතිය ක්‍රියාත්මක නොකරන්නැයි අපි යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ ජන දුක වෙනුවෙන් ඉදිරියට එන මහජනතාව, සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ආයතන මර්දනය කිරීම සඳහා රජය නිරෝධායන නීතිත්, පොලීසියත් යොදාගෙන බරපතල වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි.
වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා ආණ්ඩුව නිදහසින් පසු ඉතිහාසයේ පළමු වතාවට මූල්‍ය බංකොලොත්භාවයේ පළමු අඩිය තබා ඇතැයි කී මන්ත්‍රීවරයා වර්තමානයේදී ඩොලර් සොයාගැනීමට කළුකඩ පසුපසයාමට සිදුවීමෙන් ඉතිහාසයේ පළමු වතාවට බැංකු ක්‍රමය පරදවා ඩොලර් කළුකඩය ඉදිරියට එමින් තිබෙන බව ද කීවේය.
රටේ අරමුදල්, විදේශ මුදල් පිටරට යවන ප්‍රධාන මාධ්‍යය බවට නීති විරෝධී උණ්ඩියල් ක්‍රමය පත්වෙමින් ඇතැයි ද පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ආණ්ඩුව ඉන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත් බරපතල මූල්‍ය අර්බුදයක බව කී රණවක මහතා ඩොලර් නැතිවීම හමුවේ රසායනික පොහොර, කෘමිනාශක ගෙන්වීම නැවැත්වීමෙන් ගොවි ජනතාවත්, වැටුප් වර්ධක නැවැත්වීමෙන් වැඩකරන ජනයා අරගලයකට පිවිසී ඇතැයි ද කීවේය.
නව කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත හරහා ඉදිරියේදී ධනයට පමණක් නොව දේශපාලන පන්දමටත් විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේ වටපිටාව නිර්මාණය වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කරුවන් සහ විදේශීය ජාවාරම්කරුවන් කිහිපදෙනෙක් මේ රාජ්‍යයම තමන් යටතට ගෙන ඇතැයි කී මන්ත්‍රීවරයා එක පවුලක් හා ජාවාරම්කාර පන්තියක් බංකොලොත් වෙමින් පවතින රාජ්‍යයේ දංකුඩ ටිකත් හූරා කමින් සිටින බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ විපක්ෂය මර්ධනය කළ විදිහ මතක නැද්ද? අනේ පවු අනේ මෙයා..
ඔබ 100%ක්ම හරි..
මෙයාට දැන් රාජපක්ෂලා පේන්න බැහැ. නමුත් එයාලත් එක්ක තමයි හිටියේ. පසුව යහපාලනයට සෙට්වෙලා අවසාන කාලයේ බනින්න පටන් ගත්තා. එහෙට මෙහෙට පනින තණකොළ පෙත්තෝ වාසිය ඕනම කණ්ඩායමක් සමග එක්වේවි..!!!
කොරෝනා ඉවර කරන්න ආණ්ඩුව අකැමැති ඔන්න ඕකට තමයි. කොරෝනා වුණත් තමන්ගේ වැඩේ කෙරෙනවා නම් මොකටද ඉවර කරන්නේ?
නිකම් බොර දියේ මාළු බාන්නට එපා. මේ තත්වය යටතේ කාගේ රජයක් තිබුණත් ඔච්චරයි. මිනිසුන් ඒකරාශි වීමෙන් වසංගතය ව්‍යාප්ත වීම පසුගිය සිංහල අවුරුදු සමයේ සිදුවුණා. වසංගතය ව්‍යාප්ත වී රට වැසීමට සිදුවූ විට, මිනිසුන් දොස් පවරන්නේ රජයටයි.
මේ අය පුදුම මිනිස්සු... මේක වසංගත කාලයක්. ඒකත් දඩමීමා කරගන්න එපා...
උද්ඝෝෂණකාරයින් මෙල්ල කරලා ඔවුන්ව බලෙන් බස්වලට පටවන පොලිස් කාරයින්වත් නිරෝධායනයට නොයවන්නේ ඇයි? පොලිස් කාරයින්ට කොරෝනා හැදෙන්නේ නැද්ද?
ඇත්ත දැන දැනත් කොලේ වහලා ගහන මේ වගේ අඳ බාලයින් සමග වැඩ කිරීම නිෂ්ඵල දෙයක්.
ඔව්, ඒ ගොල්ලන්ට අවස්ථාවක් තිබෙනවා. ඔවුන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා ඔබලා මාධ්‍ය නිදහසෙන් ප්‍රයෝජනය ගන්නවා වගේ. ඇයි තරහද?