රාජිතගේ නම ඉවත් කරගන්නා ලෙස නීතිඥවරු ඉල්ලති නාවික හමුදා කමාන්ඩර් සුමිත් රණසිංහ කර තිබෙන පැමිණිල්ලෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ නම ඉවත් කරගන්නා ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද (5) දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියහ. 05 October 2020
කොරෝනා තොරතුරු වසංකළොත් අත්අඩංගුවට කෝවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු සඟවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. 05 October 2020
දහම් පාසල්වලටත් නිවාඩු සියලු බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. 05 October 2020
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දුරකථන සම්බන්ධතා ගිළිහෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොදු දුරකථන අංකය හා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකය වෙනුවෙන් ගෙවිය යුතු දුරකථන ගාස්තු නොගෙවීම නිසා, විසන්ධි කරන ලද ප්‍රධාන දුරකථන අංක සඳහා මේ වනතුරුත් යළි සබඳතා ලබා දී නැත. 05 October 2020
සබරගමුව සරසවියේ සිසුන් 20 ක් පිීසීආර් පරීක්ෂණයට සබරගමු විශ්ව විද්‍යලයේ සිසුන් විසිදෙනෙකු පි.සි.ආර්.පරික්ෂණ සදහා යොමු කිරිමට සෞඛ්‍ය බලධාරීන් අද( 05) තීරණය කර ඇති අතර එතෙක් එම සිසුන් වෙනම රඳවා තිබේ . 05 October 2020
මිනුවන්ගොඩ රෝහල කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා වෙන්කෙරේ මිනුවන්ගොඩ රෝහල කොවිඩ් -19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 05 October 2020
විස්ස සම්බන්ධ ලිඛිත දේශන හෙට 3.00 ට පෙර පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇතොත් ඒවා හෙට (06) දහවල් 3.00 පෙර අධිකරණයට ගොනු කරන්නැයි පංච පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුව ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දන්වා යවන බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) මේ බව දැනුම් දුන්නේය. 05 October 2020
කල්පිටියේ පවුලක් ස්වයං-නිරෝධායනයට කෝවිඩ් ආසාදනය වූ ඇගලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ කම්හලේ ම සේවයේ නිරත වූ කල්පිටියේ කාන්තාවකගේ පවුලේ අය ස්වයං නිරෝධායනට ලක් කළ බැව් කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ මහතා පවසයි. 05 October 2020
දිවුලපිටිය පාසලේ දරුවන් 1500 ස්වයං නිරෝධායනයට දිවුලපිටිය කාන්තාවගේ කෝවිඞ් ආසාදිත 16 හැවිරිදි දියණිය අධ්‍යාපනය ලැබු දිවුලපිටිය පාසලේ දරුවන් 1500දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 05 October 2020
රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය කල් යයි රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය දින නියමක් නොමැතිව කල් දමන බව රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා පවසයි. 05 October 2020
ඇඳිරිය ඇති ප්‍රදේශවලට ආහාර යවන්න පියවර කොරෝනා ආසාදිත දිවුලපිටිය කාන්තාව හමුවීමෙන් පසු දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරිනීතිය පැනවීමෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය. 05 October 2020
රෝහල්වලට පැමිණීම සීමා කරන්නැයි කියයි රෝහල්වලට පැමිණීම සීමා කරන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ජනතාව වෙත දැනුම්දීමක් කර සිටී. 05 October 2020
ඇඟලුම් කම්හලේ තවත් 69 කට කොරෝනා දිවුලපිටියෙන් හමුවු කොරෝනා අසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ පීසීආර් පරීක්ෂණවලන් 69 දෙනකු කොවිඩ් ආසාදිත බවට අද (05) හඳුනාගෙන ඇතැයි යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා සඳහන් කළේය. 05 October 2020
මැණික් බුදු පිළිමයක් කෝටි 600 කට විකුණන්න යද්දී අල්ලයි නිල් මැණිකකින් නිර්මාණය කරන ලද පෞරාණික වටිනාකමක් යුත් අඟල් දෙකක පමණ වූ බුදු පිළිමයක් රුපියල් කෝටි 600 මුදලකට විකිණීම සඳහා සූදානම් වූ හිමි නමක් ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු මොණරාගල කුඹුක්කන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 05 October 2020
ඇඳිරිය කඩකළ 10ක් මිනුවන්ගොඩින් අත්අඩංගුවට මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 10 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 05 October 2020
පාසල් දරුවන් 31 ක් සමග පවුල් වල අයත් නිරෝධායනයට කොරෝනා වැළඳුණු ඇඟලුම් සේවිකාව ගේ දියණියට ද කොරෝනා වෛරසය ආසාදිතව ඇති බව හෙලිවීමෙන් පසු ඇය ඉගෙනුම ලැබූ පන්තියේ සිසු සිසුවියන් 31 දෙනකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායන කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පැවසීය. 04 October 2020
වේයන්ගොඩටත් පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 04 October 2020
ආණමඩුවේ තරුණයකුට තෙවැනි වරටත් කොරෝනා ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයකු තෙවැනි වරටත් කෝවිඩ් ආසාධිතයකු ලෙස සනාථ වි ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා පැවසිය. 04 October 2020
ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂිත රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 05 ) සවස 6.30 ට ජනාධිපති කාර්යාලයයේදී පැවැත්වේ. 04 October 2020
ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 65 ලක්ෂය පනී අසල්වැසි ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (4) ලක්ෂ 65 ඉක්මවා ගියේය. 04 October 2020
ගම්පහ උණ රෝගීන් වහාම ක්‍රියාත්මක වෙන්න ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහලෙන් පී සී ආර් පරීක්ෂණයක් සිදු කරගන්නැයි වැඩබලන සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 04 October 2020
ජෝර්දානයේ ඇඟලුම් කම්හලක ශ්‍රී ලාංකිකයන් 350 කට කෙරෝනා ජෝර්දානයේ ‘අම්මාන් නුවරට‘ ඈතින් පිහිටි එරට කර්මාන්ත පුරයක ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 350 දෙනෙකුට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා අද (04) ලංකාදීපයට පැවසීය. 04 October 2020
ඇඟලුම් සේවිකාවගේ දියණියටත් කොරෝනා කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා ආසාදනය වී ඇති බව අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේදී කළ පීසී ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. 04 October 2020
‘රාජ්‍ය ආයතනවල හෙට මහජන දිනය නෑ’ කිසිදු රාජ්‍ය ආයතනයක හෙට ( 05) මහජන දිනය නොපැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය. 04 October 2020
බ්‍රැන්ඩික්ස් සමාගමෙන් විශේෂ ආරක්ෂණ ක්‍රමවේද බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ සාමාජිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමඟම එම කර්මාන්තශාලාවේ සියලුම සේවක සේවිකාවන් වයිරසයෙන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇතැයි බ්‍රැන්ඩික්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 04 October 2020
නවතම තර්ජනය පාලනය කිරීමට කඩිනම් පියවර 10 ක් මිනුවන්ගොඩ පිහිටි ඇඟළුම් කම්හලකින් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමගම තත්ත්වය පාලනය කරගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර 10 ක් ගන්නා ලදි. පාසල් වසා දැමීමේ සිට සියලුම පුද්ගලික හා ලංගම බස් රථ වල ආසන ධාරිතාව අනුව පමණක් මගීන් ගෙනයාම දක්වා එම පියවර ක්‍රියාත්මක වනු ඇත. 04 October 2020
සංගීත සංදර්ශන- ප්‍රියසම්භාෂණ සඳහා යළි සීමා පනවන්න වේවි සමාජය තුලින් යළිත් කොවිඞ් 19 රෝගියෙක් වාර්තා ඇති නිසා, කොවිඞ්-19 මර්දනය කිරීමට පසුගිය කාලයේ දී ලබාදුන් සහයෝගය නැවැත ලබාදෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 04 October 2020
බස්රථ වල මගීන් ආසන ගණනට පමණයි පෞද්ගලික හා ලංගම බස් රථ ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 04 October 2020
ගුවන්තොටුපොළටත් නව සීමා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට අද (4) උදෑසන ඇදිරිනීතිය පැනවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ යම් සීමාකිරීම් කීපයක් සිදුකිරීමට කටුනායක ගුවන් තොටුපළ ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත පියවර ගනු ලැබ ඇතැයි ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීයා පැවසීය. 04 October 2020
රියාජ් බදියුදීන් නිදහස්වීම ගැන මට නම් සැකයි පාස්කු ඉරිදා දින ප්‍රහාරය කළ ත්රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සාක්ෂි ඇතැයි කියමින් මාස පහකට පෙර අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් මහතා චෝදනා නැතැයි කියමින් නිදහස් කිරීම ගැන සැකයක් මතුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. 04 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026