
(රොමේෂ් මධුෂංක)
මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට යොමු කර සිටින ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සිට විරෝධතාවක නිරත වූහ.
පාර්ලිමේන්තු වටරවුමේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතාවක නිරත වූවේ යැයි පවසා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං ඇතුලු 31 දෙනකුගෙන් යුතු පිරිසට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව එම පිරිස නිරෝධායනයට යොමු කර ඇත.
නිරෝධායනය වන අතරතුරු ද එම පිරිස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙසට රජයට බලකරමින් ජෝෂප් ස්ටාලිං ඇතුලු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ සම්පත් උපයෝගි කරගනිමින් නොයෙක් සටන් පාඨ ලියූ වැකි ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වූහ.
ඒකාබද්ද රැකියා විරහිත උපාදිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන්, ජාතික භික්ෂූ පෙරමුනේ මාධ්‍ය ලේකම් කොස්වත්තේ මහානාම හිමියන් ඇතුලු පිරිසක් එම විරෝධතාවට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල දැං ගුරුවරුන් ගේ ගැටළු විසඳලා ඉවරයි. Online කරන ගුරුවරු දහසක් දුෂ්කරතා මැද කරන දේවල් මෙයාල ට පේන්නේ නැහැ. පහුගිය කාලෙ ඒවා ගැන කොතරම් මෙයාල කතා කළාද? අවුරුදු 2ක් තිස්සේ සද්ද නෑ. දැං බොරුව ට online නතර කරන්න කියනවා . ආණ්ඩුව ට දැනෙයි ද? මාස 3 වහල තිබුණු පාසල් ගැන ආණ්ඩුව ට කිසිම ගාණක් නැහැ.
මේ අයට නිකන් කන්නද රෑ කෑම.. අපේ සල්ලි...!!!
හරියට හරි. එහෙම තමයි වෙන්නට ඕනෑ. උද්ඝෝෂණ කිරීමේ අයිතිය නිරෝධායන නීතියෙන් යටකරන්නට ඉඩ නොදිය යුතුයි. කිරිබත් කකා, ප්‍රීතීඝෝෂා කරමින් රතිඤ්ඤා පත්තු කරමින් දඟලන අයට මේ නිරෝධායන නීතිරීති කිසිවක් තිබුණේම නැහැ. දේශපාලන ඇත්තන්ගේ උත්සව අවස්ථා සඳහාත්, ඒවා ක්‍රියාත්මක නැහැ. බොහෝවිට නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වනුයේ, විරුද්ධ අදහස් දරන්නන් හා විරුද්ධ පාක්ෂික ක්‍රියා මර්දනය සඳහා බව පෙනේ.
ජෝෂප් ස්ටාලින් කොයි පාසලේ සේවය කරන්නෙක්ද?
වෘත්තීයමය උද්ඝෝෂකයින්. හොඳ රැකියාවක්
කොහොම හරි කරලා සයිටම් එක වහගත්තා. තරුණ දරුවන් ලක්ෂ ගාණක් පිටරට ගිහින් ඉගෙන ගන්නවා. නේපාලෙත් යනවා. මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කරා... කරනවා. අමතක කරන්න එපා අනුර කුමාර, ලාල්කාන්තගේ දරුවන් ඉගෙන ගත්තේ පුද්ගලික විශ්ව විද්‍යාල වල..!!! මේ මිනිස්සු කරන්නේ, මේ රටේ අධ්‍යාපනය කරන හදන දරුවන්ට තියෙන මාර්ග ඇහිරීම...
මේ අයගේ රැකියාව උද්ඝෝෂණය කිරීම. බඩ පුරවාගන්නේ ඒකෙන්...
ජේවීපී සහ පෙරටුගාමී මහත්වරුන්ගේ ළමයි කී දෙනෙක් එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවල ඉගෙන ගන්නවද කියලා ලංකාවේ ජනතාව දන්නවා ද දන්නේ නෑ. විශේෂයෙන්ම ඔය උද්ඝෝෂණය කරන අය...
ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි