(එමි.කේ.නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ විශේෂ රාජකාරි සඳහා පැමිණි බව කියන කොස්තාපල් වරයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.
මෙම කොස්තාපල්වරයා ලුණුගම්වෙහෙර පොලිසියට අනුයුක්ත නිලධාරියකු බවටත් ඔහු හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බවටත් හඳුනා ගෙන ඇතැයි ඒ මහතා පැවසීය.
මෙම කොස්තාපල්වරයා නවාතැන් ලබා ගෙන සිටි බව කියන කතරගම නවාතැන් පොළෙහි සිටි තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු නිරෝධායනයට ලක් කළ බව ද කියයි.
රෝගී තත්ත්වයෙන් පෙළෙන කොස්තාපල්වරයා හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බවද ඒ මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.