
(රංජන් කස්තුරි)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ තවත් වෘත්තීය සමිති ගණනාවක් එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
අධ්‍යාපනය හමුදාකරණය වන බවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය වන බවත් චෝදනා කරමින් විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීහු ඇතුළු පිරිස පැය දෙකක පමණ කාලයක් එම විරෝධතාවේ නිරත වූහ.
පොලිසිය යොදවා සිටියද උද්ඝෝෂකයන්ට බාධාවක් එල්ල නොවීම විශේෂත්වයකි
(ඡායාරූප ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සට වත් ඉස්කෝලෙක නොගිය ගොයියන් තමයි මේ පෙලපාලි යන්නේ. ඒ කාලේ පලා බබා අපිට එපා... කිව්වෙත් මේ ගොල්ලන්ම තමයි...
උද්ඝෝෂණ කරන අයට ඕන මෘත ශරීරයක්... නිදහසේ යන්න දුන්නා නම් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ...
මේ අය කොතරම් උද්ගෝෂණ පැවැත්වුවත් මහජනයාගෙන් මේ අයට එතරම් සහයෝගයක් නොලැබෙන්නේ, මේ අය මහජන බදු මුදලින් නඩත්තුවන විශ්ව විද්‍යාල තුල එතරම් පරමාදර්ශී හැසිරීමක් බාහිර සමාජයට නොපෙන්වන නිසයි. උදාහරනයක් ලෙස මොවුන්ට තවමත් "නවක වදය" වැනි අමන හැසිරීම් නවත්වා ගත නොහැකි වීම.
නවකවදය බෑ, දේශපාලනය බෑ. ඉගෙනුම, විනය පමණයි. රටට හොඳ පුරවැසියන් බිහිවෙයි. 3% කට්ටියට මේ තුළ පැවැත්මක් නැති නිසා අප්සෙට් යනවා සාධාරණයි...
මේ තමා නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගන්න උගත් මන්දබුද්ධිකයෝ . වේන අයට ඉගන ගන්න දෙන්නෙත් නෑ ... මෙයාල ඉගන ගන්නෙත් නෑ ..
අරකට්ටිය පලාතට දන්නා එපා. අධිරාජ්‍යවාදී බහු ජාතික සමාගම් කියාගෙන් වැඩේට බහීවි. වැඩේ එතනිනම හබක්. අන්තරේ කියන්නේ ජේවීපී උද්ගෝෂණ කල්ලිය. පාප්ප කල්ලිය වෙනම ඉන්නවා. මුන් විශ්වවිද්‍යාලය දැකපු එවුන්වත් නොවෙයි.