(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරුල්ල අගරදගුරු මැදුරේ අද පැවසූහ.
ජාතික කතෝලික ප‍්‍රකාශක කමිටුවේ කතෝලික රදගුරු මණඩලයේ රදගුරුතුමන්ලා හත්දෙනකු පියතුමන්ලා සහ විද්වතුන් පිරිසක් එක්ව මෙම වාර්තාව සකස් කළ බව ද කාදිනල් තුමෝ සඳහන් කළහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කාදිනල් තුමෝ මේ බව කියා සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල්තුමා නෙවෙයි, පාප් වහන්සේ ලියුමක් එව්වත් ඔය නඩුනම් මේ ආත්මේ අහන්නේ නැහැ. බාලගිරි දෝසෙ වගේ... අද නෙමෙයි හෙට...
අනේ කාදිනල්තුමා, කාලේ නාස්තිකරන්න එපා මේ පවුල ඔය කතා තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. යන්න ජාත්‍යන්තරේට... කියන්න මේ අය කරන බොරුව... බලකරන්න මේකට මැදිහත් වෙන්න කියලා. අර සුනිල් දඬුකඳේ ගැහුවේ එ වගේ මැදිහත් වුණු නිසා...
"හොරාගේ අම්මාගෙන් පේන අහනවා.." කියලා කතාවකුත් අපේ ජනවහරේ තියෙනවා. අනේ මන්දා... මේ නම් මාරම ධර්මද්වීපයක් තමයි.
දැන් කාදිනල්තුමා මේ ආණ්ඩුවට කඩේ ගිහිල්ලා ඉවරයිද?
ඉල්ලිය යුතු එකම දේ... එක නීතියක් හැදීමයි.
දිවියෙන් පිදූ මිනිසුන් මත අල්තාරේ - අවියෙන් බලය ඩැහැ ගත් උන් ගිය වාරේ තවමත් නිදැල්ලේ දැන් යන එන පාරේ - දෙවියන් වැඩ හිඳීවිද ඔය දෙව් මැදුරේ