
(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, පිටත්වීමේ පර්යන්තයේ අලුතින් ඉදිකරන ලද විගමන පියස විවෘත කිරීම අද (15) උදෑසන 09.00ට තරුණ, ක්‍රීඩා, ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.
රුපියල් මිලියන 430 ක වියදමක් මේ සදහා සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැය කර තිබේ.
ඒ අනුව මෙම නව විගමන පියසට අලුතෙන් විගමන කවුළු 23 ක් එක් කර තිබේ.
මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ඇතුළු සම්භාවනීය ආරාධිතයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා ඇමති මොනවද ඔතන කරන්නේ? අනාගතයට පාර කපාගන්නවා වෙන්න ඇති මගේ හිතේ.
ලෝකයේ කිසියම් ගුවන් තොටක නැති තරම් නාම පුවරු අපේ ගුවන් තොටේ තියෙනවා. තනතුරු වලට දේශපාලනයෙන් පත්වන අය තම පක්ෂග්රාහී බව පෙන්වීමට මෙවැනි වැඩ කරනවා... මුළු ගොඩනැගිල්ලේ මෙවැනි නාමපුවරු වලින් පිරී ඇත.