මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයන් 40 ක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (19) පස්වරුවේදී (6.55 වන විට) තවත් ආසාදිතයින් 40 දෙනෙකු එක් වී තිබේ. 19 October 2020
කුලියාපිටියේ දේවමෙහෙයට සහභාගී වූ තවත් 14 කට කොරෝනා සංචරන සීමා පවා පනවා තිබියදී කුලියාපිටියේ එක්තරා ආගමික නිකායක පල්ලියක දේවමෙහෙයක් සඳහා සහභාගී වූ බව කියන පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව ඊට සහභාගී වූ තවත් 14 කට කොවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 19 October 2020
කොරෝනා ඌරගස්මංහන්දියේ කොටසක් වසාදමයි කොරෝනා රෝගියෙකු බවට පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වූ අහුන්ගල්ල කටුවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉකුත් 14 (බදාදා) දින ඌරගස්මංහන්දිය නගරයට පැමිණ තිබූ බව හෙළි වීමත් සමග ඔහු පැමිණි බව කියන ව්‍යාපාරික ස්ථාන ඇතුළු ස්ථාන 5ක් වසාදැමූ බව සෞඛ්‍ය අංශ පවසයි. 19 October 2020
ඇඳිරි නීති පෙදෙස්වල වෙළඳසැල්-ඔසුසැල් හෙට විවෘතයි දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් සහ ඖෂධහල් හෙට(20) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 19 October 2020
බදියුදීන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය. 19 October 2020
දෙයියන්දරිනුත් කොරෝනා ආසාදිතයෙක් දෙයියන්දර නෙරලම්පිටියේ පදිංචි 52 හැවිරිදි තිදරු පියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයක දී අද (19) තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි. 19 October 2020
බදියුදීන් අධිකරණයට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධීකරණයට රැගෙන ආවේය. 19 October 2020
රිෂාඩ්ට සැඟවෙන්න උදව් කළ වෛද්‍යවරියක් ඇතුළු 7 ක් දැලේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඟවාගෙන සිටීම, නවාතැන් දීම, ප්‍රවාහනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 19 October 2020
ආසාදිත සිසුවියක් හමුවීමෙන් 160 ක් විශේෂ විභාග ශාලාවකට ගම්පහ නගරයේ උසස්පෙළ විභාගය පැවැත්වෙන පාසලක කොවිඩ් - 19 ආසාදිත සිසුවියක් හමුවීමෙන් එම විදුහලේ විභාග ශාලාවේ සිටි සිසුවියන් 160 දෙනෙකු වෙනුවෙන් විශේෂ ශාලාවක අද (19) සිට විභාගයට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් පියවර තිබේ. 19 October 2020
දැව සංස්ථාවේ හිටපු සභාපති ගොනු කළ පෙත්සම සළකා බැලීමට දිනයක් අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 02ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණයේ ලබා දුන් නියෝගය ඉවත දමන්නැයි ඉල්ලමින් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් 26 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීරණය කළේය. 19 October 2020
ඩල්ජිත් අලුවිහාරේ නඩුව ඉල්ලා අස්කර ගනී මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජප)පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු 40 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් එම නඩුව නිශ්ප්‍රභා කිරීමට මාතලේ මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (19) නියෝග කළේය . 19 October 2020
‘ජිනා මැඩම්ට ‘ අත්හිටවූ සිර දඬුවම්-දඩ ගණිකාවන් බවට පත් කිරීම සඳහා කාන්තාවන් පස්දෙනෙකු රඳවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් ‘ජිනා මැඩම්’ නමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කළේය. 19 October 2020
කොරෝනාව මිල්ලනියටත් යයි මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වෙනිවැල්පිටිය ග්‍රාමයේ කාන්තාවකට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී වමින්ද කුමාර මහතා පවසයි. 19 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට තවත් 47ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද(19) මේ වනවිට 2122කි. 19 October 2020
අනාරක්ෂිත වළක දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනකු මරුට ගලේවෙල රන්වැඩියාව ප්‍රදේශයේදී අනාරක්ෂිත වළක දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනකු අද (19) මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. 19 October 2020
භාණ්ඩ දෙක තුනක මිල බැස්සීම අධික ජීවන වියදමට උත්තරයක්ද? ජීවන වියදමේ බරෙන් මිරිකෙමින් සිටින ජනතාවට මඳ අස්වැසිල්ලක් ලබාදෙමින් රජය සැමන්, පරිප්පු, ලූනු සහ සීනි මිල අඩු කිරීමට පියවර ගත්තේය. කොවිඩ් 19 ව්‍යාප්තිය මගින් ඇති කරමින් තිබෙන පීඩනයත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාබහ හේතුවෙන් අවධානය යොමුවීම අඩුවීමත් නිසා රටේ සාමාන්‍ය ජනතාව අත්විඳිමින් සිටින ජීවන බර ගැටලුව ජනතාවගේම ගැටලුවක් පමණක් බවට පත්වන අවදානමක් තිබිණි. 19 October 2020
රිෂාඩ්ට සැඟව ඉන්න දුන් මහල් නිවාසයේ හිමිකරු අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඞ් බදියුදීන් මහතා සිය නිවසේ සඟවාගෙන රැකවරණය ලබා දුන් දෙහිවල මහල් නිවසේ හිමිකරු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 19 October 2020
මත්කුඩු සමඟ බන්ධනාගාර ජේලර්වරයකු අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 870 ක් සමඟ බන්ධනාගාර ජේලර්වරයකුව අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ පුත්තලම ඒකකය පවසයි. 19 October 2020
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 19 October 2020
දිනකදී කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක් දිනක් ඇතුළත වාර්තා වූ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පළමු වරට ඉකුත්දා (16) 400,000 ඉක්මවා ගියේය. 18 October 2020
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හෙට ජනපති හමුවේ රැස්වෙයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරු 6.30 ට ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි. 18 October 2020
කැලණි ගගට අපජලය හරවා ඇති තැන් සොයා මෙහයුමක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි කැලණි ගඟේ වම් හා දකුණු ඉවුරුවල පරිසර බලපත් ලබානොගෙන පවත්වාගෙන යන කර්මාන්ත සොයා අද (18) සිට මේ මස 22 දක්වා මෙහෙයුමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. 18 October 2020
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 39 ක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 39 දෙනෙකු එක් වී තිබේ. 18 October 2020
මතුගම ගම් තුනක් හුදකලා කරයි මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන තුනක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. 18 October 2020
දිවුලපිටිය දිසා රෝහල තාවකාලිකව වසා දමයි දිවුලපිටිය දිසා රෝහලේ සුළු සේවා පාලක කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව එම රෝහල අද( 18 ) සිට තාවකාලිකව වසා දමා ඇති බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . 18 October 2020
ශ්‍රී ලංකාවේ උපන් තරුණියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකාවේ උපත ලැබූ නවසීලන්ත පුරවැසිභාවය හිමි තරුණියක වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. 18 October 2020
මුතුරාජවෙල තෙත් බිම අභයභූමියක් ලෙස වහා ගැසට් කරන්නැයි උපදෙස් හදිසි අවශ්‍යතාවයක් සේ සළකා මුතුරාජවෙල තෙත්බිම මැන අභය භූමියක් ලෙස ගැසට් කරන්නට කටයුතු කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (18) උපදෙස් දුන්නේය. 18 October 2020
‘ලෝක බලවතුන් මෙහේ එන්නේ ඉඩම බලන්න එනවා වගේ‘ ලෝක බලවතුන් පිට පිට මේ රටට එන්නේ අපේ රට ඔවුන්ගේ කෙළි බිමක් බවට පත් කරගෙන ඇති නිසා බවත් ,ඔවුන් මෙහි එන්නේ තමන්ට අයිති ඉඩමක් බලන්නට එන අයුරින් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. 18 October 2020
රිෂාඩ් බදුයුදීන් හැංගිලා ඉන්නේ වැරදි තියෙන නිසයි රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා නීතිය හමුවේ සැඟව සිටින්නේ ඔහු සතොස අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනකට වගකිවයුතු නිසා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 18 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 22 ක් මිනුවන්ගොඩ කොවිඩ්-19 පොකුරට අද (18) දිනයේ තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ. 18 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026