කෝටි දෙකක ඖෂධ-රූපලාවන්‍ය තොගයක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට නීති විරෝධීව ගෙන්වන ලද රුපියල් මිලියන 20 ක් වටිනා බටහිර ඖෂධ හා රූපලාවන්‍ය තොගයක් ලොරි රථයක සඟවා රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු මන්නාරම සිවපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 18 October 2020
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කරයි බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නම් කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්විණි. 18 October 2020
කටුනායක වෙළෙඳ කළාප සේවකයින්ට පෞද්ගලික රථවාහන තහනම් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හෙට(19) සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව , කර්මාන්තශාලාව විසින් සපයන ප්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි. 18 October 2020
ලෙකෝ සේවකයන් අමාරුවේ වැටුණේ වැරදි වාර්තාවලින් ගාල්ලේ පෝද්දල පදිංචිව සිටි ලෙකෝ සේවකයා ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් යැයි හඳුන්වා ඇත්තේ පෞද්ගලික රෝහලක සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා වැරදි ලෙස ලබාදීමෙන් යැයි සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් කාර්යාලය පවසයි. 18 October 2020
පරණ කාර් පිටරටට විකුණන්න අනුමැතිය ඉංග්‍රීසි පාලන සමයේදී හා ඊට පසු කාලයේදී ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ධාවනය වූ පෞරාණික වටිනාකමකින් යුත් මෝටර් රථ විදේශරටවලට අපනයන කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි බස්රථ ප්‍රවාහන සේවා දුම්රිය මැදිරි මෝටර් රථ කාර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා අද ( 18) පැවසීය. 18 October 2020
කුවේට් සුරක්ෂා නිවහනේ ගෘහ සේවිකාවන් බහුතරයට කොරෝනා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසකට සහ තානාපති කාර්යාල යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවහනේ දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට යාමට නොහැකිව රැදී සිටින ගෘහ සේවිකාවන් 160 දෙනාගෙන් බහුතරයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි එම තානාපති කාර්යාලය කියා සිටී. 18 October 2020
ගම්පහ ජනතාවට 5000 දෙන්න කෝටි 40 ක් කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය . 18 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් 42ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) සවස තවත් 42දෙනෙක් ඇතුළත් වී සිටිති. ඉන් 22ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර, අනෙකුත් 20දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ. මීට පෙරත් අද (17) දිනයේ කොරෝනා ආසාධිතයින් 73ක් වාර්තා වී තිබූ අතර අද දිනයේදී හඳුනාගත් මුළු ‘කෝවිඩ් 19‘ආසාධිතයින් ගණන 115කි. 17 October 2020
ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් දැඩි සීමා ඉතාලියේ ලොම්බාර්ඩි ප්‍රදේශයට නැවතත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ සීමා පනවා ඇත. 17 October 2020
ඝාතන සැලැස්මක තොරතුරු පොඩි ලැසී වමාරයි අපරාධ කල්ලි සමාජික ‘පොඩි ලැසී‘ හෙවත් ජනිත් මධුසංඛ ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ස්වයංක්‍රීය පිස්තෝලයක්, ට්රක්රථයක් හා නවීනතම මෝටර් රථයක් අපරාධ විමර්ශන නිලධාරීන් විසින් අද (17) සොයාගෙන ඇත. මෙම ට්‍රක්රථය හා මෝටර් රථය යොදාගෙන මනෝජ් මැන්ඩිස්ගේ කල්ලියේ ගෝලයකු වන බන්ධනාගාර ගතව සිටින මීටියාගොඩ ජනිත් නිශාන්ත ඝාතනය කිරීමට පොඩි ලැසී සැලසුම් කර ඇතිබව හෙලිවී තිබේ. 17 October 2020
මිනුවන්ගොඩ පොකුරට අද තවත් 73ක් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් හඳුනාගෙන තිබේ. 17 October 2020
‘මරු ආනන්ද‘ අත්අඩංගුවට අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබූ සරත් ආනන්ද නොහොත් ‘මරු ආනන්ද‘ අද (17) දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ සෙබළුන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 17 October 2020
කොරෝනා පාලනයට ප්‍රංශයේ ඇඳිරි නීතිය අද සිට රාත්‍රී කාලයේ ප්‍රංශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇත. 17 October 2020
කුරුණැගල රෝහලෙන් පී.සී.ආර්. යන්ත්‍රයක් සාදාගනී කොරෝනා වයිරසය ආසාධනය වූ බවට සැක කරන රෝගීන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පී.සී.ආර්. යන්ත්‍රයක් නොතිබීම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමත්වී ඇත. 17 October 2020
කෝටි 10ක හෙරොයින් සොයාගනියි පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ’’මාකඳුරේ මධූෂ්’’ නමැත්තාගෙන් හෙළි වූ තොරතුරු අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟවා තිබූ රුපියල් කෝටි 10කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් අද (17) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි. 17 October 2020
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුව නිශාන්තට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා පත්කර ඇත. 17 October 2020
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය දීම කෙරෙහි අවධානය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) පැවැසීය. 16 October 2020
ගම්පහ නිරෝධායන ඇඳිරි නීතිය දිගටම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට ඇතුළුව තවත් ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බව කොවිඩ්-19 වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (16) පැවැසීය. 16 October 2020
කටුනායක කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට අවධානය කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ කොරෝනා ආසාදිත සේවකයින් වාර්තා වන සීඝ්‍රතාවය අනුව ඉදිරි දින වලදී රෝගය පාලනය කිරීම සදහා මෙම කළාපය තුළ ඇති ඇගලුම් කර්මාන්තශාලා 2 ක් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ අවධානයට යොමු කළ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය. 16 October 2020
අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමට කමිටු පහක් අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්ෂෙත්රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කරන ලදී. 16 October 2020
මිනුවන්ගොඩ පොකුරට තවත් 49 ක් එක්වෙති මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (16) පස්වරුවේ තවත් 49 ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනට පමණක් වාර්තා මුළු සංඛ්‍යාව 110 කි. 16 October 2020
පොලොන්නරුව මහ රෝහලට රෝගීන් ඇතුලත් කිරීම සීමා කරයි හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොලොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුලත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇතැයි එම රෝහලේ පරිපාලන අංශය නිවේදනය කරයි. 16 October 2020
‘පොඩි ලැසී’ට ඇප සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය. 16 October 2020
මත්කුඩු ගිල්ල කාන්තාවක් මරුට මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක් හෙරොයින් මත්කුඩු පැකැට්ටුවක් ගිල දැමිම හේතුවෙන් අසනිප තත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර සිටියදී අද (16) පස්වරුවේ මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් පොලිසිය පවසයි. 16 October 2020
කොරෝනා උඩුනුවර ප්‍රා. සභාවේ කටයුතුත් සීමාකරයි ගෙලිඔය ප්‍රාදේශීය සභාවට ආසන්න ප්‍රදේශයකින් කොරෝනා රෝගියෙක් හමුවීම නිසා උඩුනුවර සභාවේ අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් කටයුතු තාවකාලිකව සීමා කිරීමට කටයුතු කළ බව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී තෙන්නකොන් මහතා පවසයි. 16 October 2020
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මහජන සේවා 21 දා සිට යළි ඇරඹෙයි කෝවිඩ් 19 වයිරසයේ තත්වය මත තාවකාලිකව අත්හිටවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේ මහජන සේවාවන් මෙම 21 වැනිදා සිට යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 16 October 2020
20 ගැන විවාදය 21-22 රාත්‍රී 7.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන සතියේ 21 හා 22 දිනයන්හිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි. 16 October 2020
ආගමන විගමන දෙපාර්තමේන්තුව මහජනතාවට වසාදමයි කෝවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2020
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1850 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවකයින්ගෙන් කොරෝනා ආසාදිත වූ තවත් 61 දෙනකු මේ වන විට අද ( 16) හඳුනාගෙන තිබේ. 16 October 2020
ආනන්ද ෆොන්සේකාත් සමුගනී චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂකවරයකු, රංගන ශිල්පියෙකු වන ආනන්ද ෆොන්සේකා මහතා අද(16) අභාවප්‍රාප්ත විය. 16 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026