(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත් වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය බව හෙළි වී ඇතැයි කොවිඩ් මර්දන ජනාධිපති කමිටුව පවසයි.
මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීමේ අවදානමක් පවතින හෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පියබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් එමගින් බරපතළ රෝග ව්‍යාප්තියක් සිදුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
80 පැනපු අයට සහ පෙර ලෙඩ තියෙන අයට එන්නත් දුන්නේ නැහැනේ. දැන් කොරෝනා සාධාරණීකරණය කරන්න හදනවා. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ...