
සිසුන්ගේ ශාස්ත්‍රීය නිදහස උල්ලංඝණය කරන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්" යන ඉල්ලීම මුල්කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ලද උද්ඝෝෂණයක් අද (17 ) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්විය
එහිදී අධ්‍යාපනය හමුදාකරණය වන බවත් අධ්‍යාපනය පෞද්ගලීකරණය වන බවත් චෝදනා කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ,හා ටිල්වින් සිල්වා ඇතුළු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහබාගි විය කලාකරුවන් ඇතුළු පිරිස පැයක් පමණ කාලයක් එම විරෝධතාවේ නිරත වූහ.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා....!!! ඔබලාගේ සටනට ජයවේවා. මේ සටන ජයග්‍රහණය දක්වා ගෙනගොස් මේ දුෂ්ඨ, අසාර්ථක ජනාධිපතිත්, දුර්දාන්ත රජයත් පළවාහැර, විදේශිකයින්ට විකුණා ඇති රටේ සියලුම සම්පත් වන්දි විරහිතව නැවත රජයට පවරා ගන්නා, රටට අවංකවම ආදරේ කරන උගත්, බුද්ධිමත් අවංක, හොරුන් නොවන පුද්ගලයින් කණ්ඩායමකට රටේ පාලනය ලබාදීමට ඔබලාට දිරිය, ශක්තිය සහ වාසනාව ලැබේවා. ජයවේවා..!!!
සිසුන්ගේ මොළ විපරීත කරමින් කරන තුච්ච නින්දිත දේශපාලනය කොතලාවල විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම තමයි. මේ ඔලමොට්ටල කාරයින්ට තියන එකම ප්‍රශ්නය... ඇත්තම කියනවා නම් මේ දේශපාලන පක්ෂය රටට විනයක් මෙන්ම පිළලයක්...
88-89 අපේ පාසැල් කාලය කෑවා. දැන් අපේ ළමයින්ගේ පාසල් කාලයත්, අනාගතයත් කනවා. මෙතන ඉන්න වයසක උදවියගේ ජීවිත ඉවරයි දැන්... ඔවුන්ට ඕනේ අපේ ළමයින්ගේ ජීවිතත් මොවුන්ගේ වගේ කාලකන්නි කරන්නයි.
පුද්ගලික විශ්ව විද්‍යාල ඕනෑ. ඒත් දැන් රටේ තියෙන පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අයට ටියුෂන් පන්ති තියෙනවා. පැවරුම් එහේ දේවල් මුදල් ගෙවා සකස් කර ගන්නවා. මේ වගේ එවුන්ගෙන් ඉගෙනගත්තා කියලා රටට ඵලක් නැහැ.
රට පාලනය කරන දේශපාලකයින්,රට විදේශයන්ට පාවාදෙමින්, රටේ ධනය හොරකම් කරමින්, රටේ සිසුන්ගේ නිදහස අවහිර කරමින් මේ හදන්නේ නූගත්, නිවට පරපුරක් බිහිකිරිමටයි. මේ උද්ඝෝෂණය කරන රටේ අවංක මිනිසුන් තම ජීවිත පරදුවට තබා සටන් කරන්නේ තම මවුබිම ආරක්ෂා කරගැනීමට බව මෝඩ, නූගත් මිනිසුන්ට නොවැටහීම පුදුමයක් නොව. ඒ නිවට මිනිසුන්ගේ සිතීමේ ශක්තිය ටකරමකින් හෝ රෙදි කෑල්ලකින් හෝ අරක්කු වීදුරුවකින් මුවාවී ඇති බැවිනි. පොදුවේ ගත්කළ ශ්‍රී ලාංකිකයින් යනු අන්ත, නිවට ජාතියක්...
රජයේ මර්දනයට එරෙහිව උද්ඝෝෂණයේ යෙදෙන සියලුම විරෝදාර ලක්මවගේ දරුවන්ට ජයවේවා...!!!
මැදමුලන හොරුන් පන්නා දමව්...!!!
1965 මැයි මාසේ සිට තවම රට කනවා. මොවුන්ට කවමදාවත් මේ රටේ බලයක් ලැබෙන්නේ නැහැ. ඒ බව මහා ජෙප්පන් දන්නවා, නමුත් ඩීල්වලින් සැපට ඉන්නවා. හැබැයි පාප්ප ගාන පොඩි ජෙප්පෝ මේවා දන්නේ නැහැ. තාමත් රට කොමියුනිස්ට් කිරීමේ කැරට් අලේ කන්න පොඩි ජෙප්පන් ඉදිරියට යනවා. මොවුන් 1989 කළ විනාශය දන්නා ආයෝජකයින් නැවත මේ රටේ ආයෝජනය කරන්නේ නැහැ. මේ ගොල්ලන්ගේ හිතේ කාගේවත් වැරදියි කිව්වාම මේ ගොල්ලන් හරියි කියලා...
මේ කට්ටිය රටටම මහා කරදරයක්... අපි ඉගෙන ගන්න කාලෙත් තිබ්බේ පුදුම කරදරයක්... නමුත් ගලහ හන්දියෙන් එහාට ගියාම ඔක්කොම එජාපයෙන්...