(ඉන්දිකා රාමනායක)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ 7 පිහිටි නිවසේදී පිලිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශයේ සහ බොරැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
දැරියගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කර ඇති බව ද හෙතෙම කීය.
ඩයගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරිය මෙම නිවසට 2020 වසරේ රැගෙන විත් ඇති බවත් තොරුතුරු අනාවරණය වී ඇතැයි ද එවකට ඇගේ වයස අවුරුදු 15ක් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවසේ ගින්නක් ඇතීවී නැත්නම්, වෙන කිසිවෙකුත් ගින්නට හසුවී නැත්නම්, එතැන ගැටළුවක්...
මේ දවස්වල බදුර්දීන් මහතා කාටත් අමතක වූ විල්පත්තු නඩුවට අදාලව වනාන්තරයේ පැල සිටුවමින් සිටිනා බවටත් නඩුව අවසන් වූ වහාම පැලකළ ගස් විශාල වී ඇති බවටත් විල්පත්තු සටනේ නියමුවන්ට සතුටින් දැන්වීමට කැමතියි...
ලංකාවේ නීතියේ සිදුරු තියෙන බව ඔබතුමා දන්නවා ඇතිනේ... ඒ නිසා විශේෂ විමර්ශනය කරලා කාලය නාස්ති නොකර ඕක අතහැර දැම්මා නම් ඉවරයිනේ...
නීති සම්පාදන කරන අයම නීතිය කඩනවා නම්? 1990 දී ෂොපින් බැග් එකක් සමග අනාතයක් හැටියට ආපු මෙයාට කොහොමද කොළඹ 7 නිවසක්? මෙයාට ඡන්දෙ දුන් මිනිස්සු තාම අනාථ කඳවුරුවල. මෙහෙම තමයි වතුකරයෙත්... තොණ්ඩමන්ලා, දිගම්බරම්ලා, රාධා ක්‍රිෂ්ණන්ලා කොළඹ... ඔවුන්ට ඡන්දය දුන් මිනිස්සු වතු ලයින් කාමරවල...
බෝම්බ බැඳන් දහස් ගණන් ජීවිත විනාශ කරන අයට ඕවත් වැඩක්ද කියලත් හිතෙනවා...