
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අලුත්ම ගැසට් නිවේදනයක් අද (17) නිකුත් කරනු ලැබීය .
මේ ගැසට් නිවේදනය මගින් විෂය පථයන් සංශෝධනය කර ඇත්තේ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ,ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය ඇමතිවරුන්ගේය.
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති වරයා විසින් පසුගියදා නව රාජ්‍ය අමාත්‍ය ධුර පිරිනමනු ලැබීය
ඒ අනුව මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .
එමෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම ගැසට් පත් පත්‍රයේ සඳහන් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදීම ගැසට් වාර්තාවක් බලාපොරොත්තු වන්න...
රටේ දහසක් ප්‍රශ්න තියෙද්දී කරළියට ගේන කොළඹ සන්නි...!!!
කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැලසුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත්වීම කොච්චර දෙයක්ද?
අපි මෙහේ බඩගින්නේ.., නුඹලා තානාන්තර බෙදා ගන්නවා...!!!
ගැසට් ගහන්නේ අප්ප බානවා වගේ. හැබැයි එකෙක්වත් කරන දෙයක් නැහැ. කාලකන්නි. රටේ අවාසනාවටම උපන් පාලකයිනේ..., අපේ රට විනාශ නොකර පලයව්...!
හැමදා කරන්නේ ඕක තමයි. රට එතනමයි..!!!
මට අහුවුණොත් කටේ අර්තාපල් ගෙඩියක් ඔබනවා ඔය කතරගම දේවාලේ සුද්ද කළායි කියන හොරාගේ....
මේකත් දැන් හරියට “අද දින නව කොරෝනා අසාධිතයින්..., තව කොරෝනා මරණ....“ වාගේ දිනපතා වාර්තා වන තවත් එක ප්‍රවෘත්තියක් පමණයි.