
(තිළිණි ද සිල්වා )
ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ පනස්දහස ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජපානයේ ටෝකියෝ හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා මෙම එන්නත් තොගය ජපානයෙන් මෙරටට ලැබෙන බවද තානාපති කාර්යාලය පැවසීය.
එන්නත් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස සහ කොවිඩ්-19 ට මර්දනයේදී දී හැකි තරම් පිරිසකට ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීමට සහාය දැක්වීම ලෙස ජපන් රජය මෙම එන්නත් මාත්‍රා තොගය පිරිනමන බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
මීට අමතරව, ජපාන රජය යුනිසෙෆ් හරහා ශීත ගබඩා දාම උපකරණ සහ සුදුසු උෂ්ණත්වයේ දී එන්නත් ගබඩා කිරීම සහ එන්නත් දේශීය එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශීත ගබඩා පෙට්ටි සහ එන්නත් රැගෙන යන උපකරණද මෙරටට ලබා දී ඇතැයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දේ.
ශ්‍රි ලංකාවේ ජනතාවට සහ ජපාන රජයට හා එහි ජනතාවට සහ මෙම උත්සාහය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කරන බවද ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 16.2 ක් ලබා මේනව විට ප්‍රදානය කර ඇති අතර එම වසංගතය මර්දනය කිරීමේ ඒකාබද්ධ සටනේ දී ජපානය ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 60ට වැඩි අයට නියමිත වේලාවට එන්නත් දෙන්න බැරි වුණා. ආයෙත් මුල ඉඳලා, ඒ කියන්නේ එන්නත් 3ක් දීම ගැන හිතලා බලන්න.
මම ජපානයේ ඉන්න කෙනෙක්... මේ එන්නත මෙහෙ හදන්නේ නැහැ. ඇමෙරිකාවෙන් මිලදී ගත්තේ..
ජපන් වාහන ගන්නේ නැහැ කියලා ජපන්නු නිකන් ඉන්නේ නෑ. වැක්සීන් විකුණලා හරි ගොඩයනවා. ජයවේවා..!!!
ප්‍රතිඅපනයනය, කෙළිනුත් විකුණනවා, වටෙනුත් විකුණනවා.
ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා නෙමෙයි. ජපානය මුලින්ම හැම එන්නතක්ම මිලට ගෙන ගබඩාකර තබාගත්තා. එහෙම තමයි මුලදි කළේ. නමුත් එරට ඉන්න අයට දෙන්නේ ෆයිසර් හෝ මොඩර්නා පමණයි. මේ නිසා කලින් ගත් එන්නත් වුවමනා රටවලට නිකන් දෙනවා.