(ඩයනා උදයංගනී)
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
බෞද්ධ උපදේශක සභාව 11 වෙනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහිවීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ද රාජපක්ෂ මහතා කීවේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වසර 40ක කාලයක් පුරා මෙරටට අවශ්‍ය විද්වතුන් විශාල සංඛ්‍යාවක් දායාද කර ඇති බව කී ජනාධිපතිවරයා උසස් පෙළ ඉහළින්ම සමත් වන දරුවන් පවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගැනීමට දැඩි උනන්දුවකින් සිටින බව පැවසීය.
උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍ය බවද ජනාධිපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල කටයුතු කරන්නට තරම් ඒ ගැන හරිහැටි දන්නා අය මේ දේශපාලකයන් තුළ කොතෙක් සිටිනවා දැයි සැක මතුවෙනවා. ඔක්සිජන් කන්නදැයි කී අයත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. යූටියුබ් එකේ තියෙනවා එක්තරා ඇමතියෙක් කිව්ව කතාවක් ගැන... ඔහු උෂ්ණත්වය මනින ඒකකයක් ගැන හෝ දන්නේ නැහැ. ඔහු කියන්නේ මේ නැවේ උෂ්ණත්වය සියයට 80ක් විතර ඇතිලු. මේ වැනි අය ඉන්නා පාර්ලිමේන්තුවකින් විශ්ව විද්‍යාල කටයුතු ගැන, නිවැරදි සේවයක් ගැන සිතන්නට හෝ පුලුවන්ද?
ලංකාවේ පවතින විශ්ව විද්‍යාල මාෆියාව හා වෙද සංගම් මාෆියාව මේ රටින් තුරන් කිරීම මේ මුළුරටම ලබන ජයග්‍රහණයක්... වෛද්‍ය විද්‍යාව සඳහා සිසුන් රට පටවන ජාවාරම කරන්නේ ඔය වෙද සංගමයට සම්බන්ධ වෛද්‍යවරුයි. ලංකාවේ වෙසෙන අඥාන, අවිනීත, අශිෂ්ට ජනතාව මෙන්ම බංකොලොත් දේශපාලන කල්ලිවල එකම අරමුණ විනය මූලික කොටගත්, විනයගරුක සිසුන් අධ්‍යාපනය ලබන කොතලාවල විශ්ව විද්‍යාලය විනාශ කිරීමයි. එයට ඉඩ දෙන්න එපා... මේ රටේ බුද්ධිමත් ජනතාව මේ වෙනුවෙන් ඔබතුමා සමග එකට සිටිනවා...
ගම කන්නේ නැතිව ගෙදර යන්න...
පුද්ගලික විශ්වවිද්‍යාල රට තුළට ගෙන එ්මෙන් සහ එහි ප්‍රමිතිය නියාමනය කිරීමෙන් රටේ වඩාත් තරඟකාරි විශ්වවිද්‍යාල පද්ධතියක් බිහිවෙන්න හැකියාව හොඳටම තියෙනවා. දැන් ඉන්න අන්තරේ සියලුම සිසුන්ට දේශපාලනය - අධ්‍යාපනය පටලවාගන්න එපා කියන්න. විශ්වවිද්‍යාලවල දේශපාලනයට දීලා තියෙන නිදහසින් නිර්ලජ්ජිත ප්‍රයෝජන ගන්නේ ජවිපෙ සහ පෙරටුගාමීන්. මම හිටිය කාලය තුළත්, දැනුත් විශ්වවිද්‍යාලවල ඉන්න දමිල/මුස්ලිම් සිසුන් තමන්ගේ අධ්‍යාපනය හොඳට හදාරා එළියට යනකොට, ජවිපෙ තෙල්වලට අහු වුණු සිංහල සිසුන් බොහෝමයක් නොමිලේ ලැබෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් කඩාකප්පල් කරගන්නවා දුටිමි.. !!!
"උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්වවිද්‍යාල රට තුළ බිහිවීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා කීවේය." සයිටම් එක විනාශ කළ කාලයේදී මේවා නොකීවේ ඇයි?
මුදලාලි කෙනෙක් අධ්‍යාපනය වෙළෙඳාමක් හැටියට කරනවා නම් ඒක වැරදියි. ඒකයි අපි සයිටමයට විරුද්ධ වුනේ. මොකද ඒකෙ අයිතිකාරයා හොඳ වෙළෙන්දෙක් නිසා. එසේ නොවන පුද්ගලික විශ්වවිද්‍යාල හරියට රටට සම්පතක් සහ විදේශ විනිමය ගෙන ආ හැකි සහ විදේශ විනිමය රටේ තබාගත හැකි වැඩක්...!!!
අද උසස් පෙළ සමතුන්ගෙන්, මහජන බදු මුදලින් නඩත්තු වන විශ්ව විද්‍යාලවලට ඇතුල් වන්නේ 20%ක් පමණ ප්‍රමාණයක්... ඉතිරි 80%ට උසස් අධ්‍යාපනය තහනම්ද? ඔවුන්ට මුදල් ගෙවා හෝ තමන්ට අවශ්‍ය උසස් අධ්‍යාපනය ලැබීමේ වරද කුමක්ද? මෙවැනි දේට විරුද්ධ වන උදවිය පාරේ බෙරිහන් දෙනවා වෙනුවට කළ යුත්තේ, ඉහත සඳහන් 80% සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාගත හැකි ප්‍රායෝගික විකල්ප ඉදිරිපත් කළ යුතුයි....
රටට අවශ්‍ය දෙයක්... කොහොම හරි කියන්න... චියර්ස්...!!!
එහෙනම් නිවාස අධිකාරිය වෙනුවට දුමින්ද සිල්වාට කොතලාවල එක දුන්නා නම් හරිනේ..!!!
සත 5කට විශ්වාස කරන්න බැරි අසාර්ථකම කෙනෙක්... .
කරුණාකර මේ වගේ කෙලින් තීරණ දිගටම ගන්න. මෙය තමයි අපේ බලාපොරොත්තු වුනේ.. මම රැකියාවක් කරන ගමන් උසස් අධ්‍යාපනය ලොකේම පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබන කෙනෙක් විදිහට කොයිතරම් මුදලක් පිටරටට ගෙවනවද කියලා දන්නවා. අපේ රටේ රජයේ විශ්ව විද්‍යාල එකක්වත් ලෝකයේ පිළිගත්... විශ්ව විද්‍යාල අතර නැහැ. මොකක්ද මොවුන්ගේ මේ කුහක ප්‍රතිපත්තිය.. අපේ රටේම මිනිස්සු නේද මේවාගෙන් මුදල් වියදම් කරලා ඉගෙන ගන්නේ.. ඔය ජේවීපී අන්තරේ බහුතරයකගේ ළමයි ඉගෙන ගන්නේ පිටරට විශ්ව විද්‍යාලවල. එහෙම ඉගෙන ගන්න ගමන් අපේ රටේ එහෙම දෙයක් වෙන්න ඔවුන් ඉඩ දෙන්නේ නෑ.. එහෙම වුණු දවසට ඔවුන් දන්නවා ඔවුන්ගේ පහත් දේශපාලනය තවදුරටත් කරන්න බැරිවෙනවා කියලා...
අද බොහෝදෙනෙක් විදෙස් රටවල ඉගෙන ගන්න යන්නේ ඒ රටවල නවතින්න බලාගෙන. ඊට හේතුව ලංකාවේ කිසිම දියුණුවක් නැතිකමත්, රැකියා නැතිකමත්, මෝඩයෝ රැලක් රට පාලනය කිරීමත් යන කාරණායි. ඒ නිසා මොන විශ්වවිද්‍යාල හැදුවත් පුලුවන් එකා රට යනවාමයි. කරන්න ඕන මිනිස්සුන්ට සතුටින් ජීවත් වියහැකි රටක් තැනීමයි.
අනේ අම්මපා. "විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත" කියලා එකක් තියනවද ජනාධිපතිතුමනි. නොදන්න දේවල් කියන්න යන්න එපා. 1978 අංක 16 දරන "විශ්ව විද්‍යාල පනත" කියලා එකක් තියෙනවා. ඒ මගින් තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටුවන්නේ. "විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත" කියලා එකක් නෑ. නොදන්න දේවල් කියවන්න එපා.
විකාර කාරයෙක්ද කොහෙද?.!!!