විමල් CIDයට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (9) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. 09 July 2025
ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන බන්ධනාගාරගත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (09) නියෝග කළාය. 09 July 2025
මැදිරිගිරියේ තොටුපොළක ගාල් කර තිබූ ඔරු 6කට ගිනි තියලා පොළොන්නරුව මැදිරිගිරිය බේබියා වැවෙහි ධීවර කටයුතු වල නිරත ධීවරයින්ගේ ඔරු 06 කට කිසියම් පිරිසක් විසින් අද(09 ) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව මීගස්වැව පොලිසිය පවසයි. 09 July 2025
සිංගිමලේ ජලාශයට වැටි සිසුවෙක් අතුරුදන් හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් වී ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසීය. 09 July 2025
ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 3.00ට පැවැත්වේ. 09 July 2025
මාලිමාවේ නිශාන්ත ජයවීර දිවුරුම් දෙයි ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ධුරයට පත්කෙරුණු නිශාන්ත ජයවීර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ මීට ස්වල්ප මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 09 July 2025
රේගු ඩිජිටල්කරණය කඩිනම් කරන්න නියෝග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 09 July 2025
ලක්ෂ 20 මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රාත්‍රී සමාජ ශාලා සඳහා මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය තොග වශයෙන් ලබා දෙන 22 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 09 July 2025
නැගෙනහිර බහළුව කළමනාකරණයට සමාගමක් නැගෙනහිර බහළු පර්යන්තය කළමනාකරණය කිරීම සහ මෙහෙයුම් කිරීම සඳහා සීමිත වගකීම් සහිත සමාගමක් සංස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 July 2025
අධිකරණ වල දුක බලන්න ඇමති යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කොළඹ දිසා අධිකරණ සංකීර්ණයේ පවතින අඩුපාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 09 July 2025
සමාදාන විනිශ්චකාර නියෝග පාර්ලිමේන්තුවට සාමදාන විනිශ්චයකාර නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 July 2025
දියවැඩියා බේත ගන්න ප්‍රසම්පාදනය ඉන්දියාවට බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් එන්නත් ( මිනිස් ) 30% ද්‍රාව්‍ය 70% අයිසෝෆේන් වයල් මිලියන 2.2 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 09 July 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තතමේන්තුව කියයි. 09 July 2025
කදානේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි කඳාන පොදු වෙළඳසැල අසලදී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවිර මහතාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ සමීර මනහර මහතාට සහ ඔහුගේ මස්සිනාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 09 July 2025
වාහන ආනයන සීමා පැනවුවහොත් වාහන මිල ඉහලට වාහන ආනයනය සඳහා වෙන් කර ඇති ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 200 භාවිතා කිරීම සඳහා රජය කිසියම් කොන්දේසියක් පනවන්නේ නම්, දේශීය වාහන වෙළඳපොළ තියුණු මිල ඉහළ යාමකට මුහුණ දිය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIASL) සභාපති ප්‍රසාද් මානගේ අනතුරු ඇඟවීය. 09 July 2025
’1,500cc ට අඩු වාහන ආනයනය සඳහා සහන ඉල්ලයි‘‘ වාහන ආනයනයේ දි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ආනයනයට සහන ලබා දෙන්නැයි ලෙස දේශීය ආදායම් නිලධාරිහු රජයෙන් ඉල්ලා සිටිති. 08 July 2025
ආමි උපුල්ගේ ඝාතන සහකරු ගිනි අවි, මත්කුඩු සමග මාට්ටු රාගම බටුවත්තේ ආමි උපුල් ඝාතනයේ වෙඩික්කරුවන්ගේ සහකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයකු සමග තවත් පුද්ගලයකු රුපියල් කෝටි 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, ගිනි අවි සහ තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 08 July 2025
බොරැල්ලේදී වෙඩික්කරුවන්ගේ එල්ලය වරදි බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී අද රාත්‍රීයේ පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළද එම පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය. 08 July 2025
ශ්‍රී ලංකාව තරඟාවලිය දිනයි තරඟ තුනකින් යුකුත ශ්‍රී ලංකා - බංගලාදේශ එක් දින තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. ඒ වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රි ලංකා ක්‍රිඩකයෝ සමත් වූහ. 08 July 2025
ද්විත්ව බදුකරණය වලක්වන්න ඔස්ට්‍රියාව එක්ක සම්මුතියක් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැලැක්වීම සඳහා වන සම්මුතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 July 2025
ලලිත් කුගන් පරීක්ෂණයළි අරඹයි මානව ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ද යන පුද්ගලයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 July 2025
ට්‍රම්ප්ට නොබෙල් සාම තෑග්ග හිමිවෙන්න ඕනෑ ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ට, මෙම වසරේ නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. තමන් ඒ බව නොබෙල් කමිටුවට ලිපියක් මගින් දන්වා යැවූ බව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත. 08 July 2025
නිළි රැජිණට මැතිසභා විවාදයක් ලබන 25 ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජිණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෆොන්සේකා මහත්මිය පිළිබඳ ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8)තීරණය කළේය. 08 July 2025
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 08 July 2025
ක්‍රිකට් සුද්දාට වෙඩි තිබ්බ හිටපු සෙබළා මාට්ටු මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ ගල්කුලම ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 25 වැනිදා රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල කර මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කළැයි කියන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 08 July 2025
හොර ඔප්පු සිද්ධියකට නොතාරිස්ට මාංචු රුපියල් කෝටි 3 ක් වටිනා ඉඩමක් කූඨ ලේඛන සාදා එම ඉඩම පවරාගත් බව කියන නීතිඥ හා ප්‍රසිද්ධ නොතාරිස්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 08 July 2025
සියලු මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන උගන්වන්න යයි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 July 2025
සංස්කෘතික අරමුදලින් ගසා කෑ අයට වැඩ වරදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 08 July 2025
යතුරු පැදිකරුට පහරදුන්නැයි සැරයන්ට වන්දි ගෙවන්න වෙයි බීමත්ව හෙල්මටයක්ද නොපැළඳ යතුරුපැදියක් පදවන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිහි නැතුව ඇඳ වැටෙනතුරු හෙල්මටයෙන් පහරදීමෙන් කළුතර පොලිසියේ සැරයන්වරයකු පාසල් තණනිලි කළමනාකරුවකුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස කළුතර පොලිසියේ සැරයන්වරයාටද රුපියල් 30000/-ක් වන්දියක් සහ රුපියල් 25000/-ක නඩු ගාස්තු ගෙවන ලෙස රජයට අද (08) නියෝග කළේය 08 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025