
(එම්.සුසිල් ප්‍රියන්ත සහ හි ඥාණදාස රම්මුතු)
විදෙස් රටක සිට මෙහෙයවනු ලබන අයිස් ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයා රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා ‘අයිස්‘තොගයක් සහ එම මත්ද්‍රව්‍ය විකිණීමෙන් ලබාගත් රුපියල් එක් ලක්ෂ පන්දහසක් සමග අද(15) බලපිටියේදි අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ සැකකරුගේ නිවස අද (15) අලුයම් කාලයේදී වටලා ඔහුගේ නිවසේ තිබී අයිස් මත්ද්‍රව්‍ය දෙසීය හැට එකක් සොයා ගත්බවත් එම මත් ද්‍රව්‍යය තොගයේ වීදි වටිනාකම රුපියල් ලක්ෂ විසිපහක් පමණ වන බවත් පොලීසිය කියයි.
නිශ්චිතව ලැබුණු නිර්ණාමික දුරකතන ඇමතුමකට අනුව සැකකරුගේ නිවස වටලා මේ මත්දවය තොගය සහ මුදල් සොයා ගත් බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd