සබරගමුවේ විශේෂ මෙහෙයුමකින් 120ක් අත්අඩංගුවට සබරගමුව, රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර සහ කෑගල්ල පොලිස් කොට්ඨාස තුළ සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 120 දෙනකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 07 July 2025
වැලිකන්දේ පාසලක් අලි කඩලා පොළොන්නරුව වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයට අද(07 ) එල්ල වූ වන අලි ප්‍රහාරයකින් විද්‍යාලයේ දේපළවලට දැඩි ලෙස හානි සිදුව ඇති බව විද්‍යාලයේ ගුරුවරු සඳහන් කරති. 07 July 2025
විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය රිමාන්ඩ් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග නියෝග කළාය. 07 July 2025
දසුන් - චාමික විස්සයි20 සංචිතයට කැඳවයි බංග්ලාදේශයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ලබන 10 වැනිදා ආරම්භ වන විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස හිටපු නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබේ. 07 July 2025
යාපනයේ කැලෑවකින් කේරළගංජා හමුවෙයි යාපනය මාමුනෙයි ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී කැලෑවක සඟවා තිබූ රුපියල් මිලියන 16 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් සොයාගත් බවට නාවික හමුදාව පැවසීය. 07 July 2025
දුමින්ද යළි රිමාන්ඩ් වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූලි මස 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද (07) නියෝග කළාය. 07 July 2025
බලශක්ති අමාත්‍යංශයට සැප වාහන විකුනන්න සැරසෙයි බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14 ක් විකිණීමට ටෙන්ඩර් කැඳවන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි. 07 July 2025
බ්‍රැඩ්මන් වීරකෝන් දිවි සැරිය නිම කරයි ප්‍රකට සිවිල් සේවකයකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියකු ලෙස සැලකෙන බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අද අභාවප්‍රාප්ත විය 07 July 2025
මැතිවරණ කොමිසමේ ඊ සේවා නවතී මැතිවරණ කොමිෂන් සභාවේ සියලුම ඊ සේවා ඊයේ සිට තාවකාලිකව නතර කරනු ලැබ ඇත. 07 July 2025
අපදාවට ලක් වූ ඉන්දීය යාත්‍රාවක ධීවරයෝ බේරා ගැනෙති ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට ලක්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෝ සිව්දෙනෙක් නාවික හමුදාව විසින් ඊයේ (6) නිරුපද්‍රතිව බේරාගනු ලැබූහ. 07 July 2025
විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශීගේ දුව අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) මරණ තර්ජන කළ බව කියන එම විශේෂඥ වෛද්‍යවරියගේ දියණිය අද (7) අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි. 07 July 2025
රාජකාරියට බාධා කළ ප්‍රා.ස මන්ත්‍රී ඇතුළු තිදෙනකු අත්අඩංගුවට එරගම ප්‍රදේශයේ නිවසකදී වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව එරගම පොලිසිය පවසයි. 07 July 2025
අධිකරණයට ගෙන ආ රැඳවියා පැන ගිහින් ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ අද (7) විභාගවීමට නියමිත නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙන ආ රැදවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙත් මිදි පලාගොස් තිබේ. 07 July 2025
ඒ ටී එම් කාඩ් සොරාගෙන මුදල් වංචා කළ අයෙක් අල්ලයි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම් කුටි අසල රැඳී සිට පුද්ගලයන් මුලාකර ඒ ටි එම් කාඩ්පත් සොරාගෙන රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය කියයි. 07 July 2025
චන්ද්‍රසේනට කෑම පිටින් බෑ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට පිටතින් කෑම ලබාගැනීමට කෙරුණු ඉල්ලීමක් බන්ධනාගාර ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තාවේ. 07 July 2025
කඩු මන්නා 6 ක් සමඟ 5 ක් අත් අඩංගුවට තියුණු කඩු හතරක් , මන්නා දෙකක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලීසිය සඳහන් කරයි. 07 July 2025
මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් මාට්ටු කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 07 July 2025
තැනින් තැනට අද වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකියි. 07 July 2025
දුම්රියේ වඩේ වෙළෙන්දා නියාමකට පිහියෙන් ඇනලා මොරටුවේ සිට කන්කසන්තුරය දක්වා ඉකුත් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ප්‍රවේශපත්‍රයක් නොමැතිව වඩේ විකුණමින් ගමන් ගත් අයකු අල්ලා ගැනීමට ගිය දුම්රිය ආරක්ෂක නිලධාරියකුාගේ නිකට ප්‍රදේශය පිහියකින් කැපීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොල්ගහවෙල පොලිසිය කියයි. 07 July 2025
කටුනේරියේ ව්‍යාපාරිකයා ඝාතනයට පාසල් සිසුවෙක් සැකපිට කටුනේරියේ කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කර සිරුර සිරිගම්පල ප්‍රදේශයේ වාහන සෝදා පිරිසිදු කරන ආයතනයක වතුර වළක සැඟවීම සම්බන්ධයෙන් අයිය මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. 07 July 2025
නිල විදෙස් සංචිත සෘන පැත්තට මහා භාණ්ඩාගාරය කියයි මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 06 July 2025
කරුඅප්පන්කේනි වැවට දරුවන් තිදෙනෙක් බිලි මඩකලපුව වාකරේ කරුඅප්පන්කේනි වැවේ ගිලි දරුවන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 06 July 2025
හිරගෙදර ජේලර් පිරිසකට ළඟදීම මාරු? බන්ධනාගාර ගණනාවක ප්‍රධාන ජේලර්වරුන්ද ඉදිරි දිනවල මාරුකර යැවීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය 06 July 2025
ටිරාන්ට ඩුබායි පාතාලයකුගෙන් මරණ තර්ජන මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ඩුබායිහි සිටින පාතාල නායකයකුදුරකතන ඇමැතුමක්දී මරණ තර්ජන කර ඇතැයි ඔහු වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ. 06 July 2025
කථානායකට එරෙහි චෝදනා: පාර්ලිමේන්තු මහලේකම් පිළිතුරු දෙයි. කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. 06 July 2025
ආණ්ඩුව මුදල් වෙන්කර සඟවාගෙන ඉන්නවා වර්තමාන ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් රුපියල් බිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50,000 ක් වෙන්කළ ද වර්තමානය වන විට එම මුදලින් රුපියල් බිලියන 5 ක් හෙවත් රුපියල් කෝටි 500 කටත් වඩා අඩු ප්‍රමාණයක සංවර්ධන ව්‍යාපෘති පමණක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය. 06 July 2025
බොරැල්ලට හෙට රථ වාහන සැලැස්මක් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. 06 July 2025
විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කරලා විද්‍යා පීඨ කථිකාචාර්ය පත්වීම් හෙවත් ගුරු අධ්‍යාපනඥ සේවයේ පත්වීම් ලැයිස්තුව ‘ටිපෙට්ස්’ කර මකා තිබූ බවත් එහිදී යම්කිසි අකටයුතුකමක් වීමෙන් පත්වීම් ලැබූ රැසක් අසාධාරණයට ලක්ව ඇති බවත් එම පත්වීම් ලැබූවෝ රැසක් චෝදනා කරති. 06 July 2025
ටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලාත් සභා ටි.එම්.වී.පි පක්ෂයේ අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරස්වාමි පුෂ්පකුමාර නොහොත් ඉනිය භාරති අපරාධ පරීක්ෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 06 July 2025
හදිසි අනතුරුවලින් වසරකට 12000 ක් මරුට හදිසි අනතුරු හේතුවෙන් 10000- ත් 12000 අතර ප්‍රමාණයක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. 06 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025