(උපාලි රණවීර)

දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයක වූ උපාලි තෙන්නකෝන් මහතාට 2009 වසරේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදි පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඊ නිවුස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සඳවරුන් සේනාධීර රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය අද නියෝග කළාය.

තවද ඔහුට විදේශ ගමන් තහනමත් සිදු කළ මහේස්ත්‍රාත්වරිය අපකරුවන් පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කළාය.

උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් පුද්ගලයකුගේ ඡායාරූපයක් මෙම වෙබ් අඩවියේ පලකිරීම මගින් අධිකරණ කටයුතුවලට බාධාවක් කර ඇති බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කොට තිබීම හේතුන් එංගලන්තයේ පදිංචිව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපොළ පොලිසිය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළේය.