ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව ඇමෙරිකානු එෆ්.බී.අයි. කාර්යාංශය අනතුරු අගවා ඇත.

එෆ්.බී.අයි. කාර්යාංශය මෙම අනතුරු අඟවීම කර ඇත්තේ ඔවුන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුවය. ඉරානය, ඔවුන්ගේ යුද නෞකාවක සිට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ඉඩ ඇතැයි ද එෆ්.බී.අයි. කාර්යාංශය වැඩි දුරටත් පවසා ඇත.