
ඉන්දියාවේ බටහිර බෙංගාලය, ඇසෑමය, තමිල්නාඩුව, කේරළය සහ පුදුචේරි යන ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක සභා මැතිවරණය පැවැත්වෙන දින වකවානු ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර මැතිවරණ කාලසටහනේ විශේෂත්වය වන්නේ මීට පෙර අදියර අටක් පුරා දීර්ඝ කාලයක් පැවැත්වුණු බටහිර බෙංගාල මැතිවරණය, මෙවර අදියර දෙකකට පමණක් සීමා කිරීමට තීරණය කිරීමය.
මහජනතාවගේ සහ නිලධාරීන්ගේ පහසුව වෙනුවෙන් මෙම පියවර ගත් බව මැතිවරණ කොමිසම පෙන්වා දී ඇත. ඒ අනුව, බටහිර බෙංගාලයේ ආසන 294 සඳහා මැතිවරණය අප්‍රේල් 23 සහ 29 යන දිනවල අදියර දෙකකින් පැවැත්වීමට නියමිතය.
තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234 සඳහා වන මැතිවරණය අප්‍රේල් 23 වනදා තනි අදියරක් ලෙස පැවැත්වෙන අතර, ඇසෑමය (ආසන 126), කේරළය (ආසන 140) සහ පුදුචේරි සංගම් භූමිය (ආසන 30) සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් 9 වනදා සිදු කිරීමට කටයුතු යොදා ඇත.
ප්‍රාන්ත පහේම ඡන්දය ගණන් කිරීමේ කටයුතු මැයි මස 4 වනදා සිදු කිරීමට නියමිත අතර, එදිනම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂිතය.
බටහිර බෙංගාල ව්‍යවස්ථාදායක සභාවේ නිල කාලය මැයි 7 වනදායින් අවසන් වන අතර, සෙසු ප්‍රාන්තවල නිල කාලයන් මැයි සහ ජූනි මාසවලදී අවසන් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd