චරිත රත්වත්තේ අත්අඩංගුවට අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 04 November 2025
නුගේගොඩ රැලියට හිටපු ජනපතිලා පහම නෑ නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවකු සහභාගි නොවන බව වාර්තාවේ. 04 November 2025
මාළු ව්‍යාපාරිකයාට අම්බලන්ගොඩදී වෙඩි තබයි අම්බලන්ගොඩ මහජන පුස්තකාලය ඉදිරිපිට අද (4) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ අම්බලන්ගොඩ පොලීසිය කියයි. 04 November 2025
බිත්තියක් කඩා වැටී සෙබළෙකු මිය ගොස් තවත් 3කට තුවාල මුලතිව් මුල්ලියාවේලි 59 වැනි සේනාංක කඳවුරේ අතහැර දමා තිබූ ගොඩනැගිල්ලක ගඩොල් බිත්තියක් කඩා වැටීමෙන් හමුදා සෙබළකු මිය ගොස් තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මුලතිවි පොලිසිය පවසයි. 04 November 2025
මතට හිත ගිය තවත් 1264ක් පොලිස් දැලට රටම එකට ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 1264ක් ඊයේ (3)දිනය ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 04 November 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ දෙන්නෙක් මාට්ටු කළුතර බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු බණ්ඩාරගම ගම්මන්පිලදී රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. 04 November 2025
ඩෙංගු - චිකුන්ගුන්යා රෝගීන් වැඩි වීමක් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම වැඩි අගයක් ගන්නා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ පවසයි. 04 November 2025
ගුරුකම් කරන්න අන්තර්ජාලයෙන් සල්ලි ගරලා හිමි නමක් මාට්ටු යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයන් රවටා, ආරක්ෂා යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකළ බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි. 04 November 2025
පළාත් කීපයකට අදත් වැස්ස සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට අද පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 November 2025
සේවයෙන් පහ කළ දුම්රිය රියැදුරා වසර 4ක් පඩිත් දී විශ්‍රාම ගන්වලා කොළඹ - මහනුවර සීඝ්‍රගාමී දුම්රියක් ගණේමුල්ලේ දී අනතුරකට ලක්කර රජයට රුපියල් ලක්ෂ 93ක පාඩුවක් සිදු කළේ යැයි වසර හතක් විනය පරීක්ෂණ පවත්වා සේවයෙන් පහ කිරීමේ නිවේදනද නිකුත් කර ඇති දුම්රිය රියදුරු තවත් වසර හතරක් සේවයේ තබාගෙන වැටුප් අතිකාලද ගෙවා සුවසේ විශ්‍රාමගන්වා ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද (03) පැවසීය. 03 November 2025
ඉර පැන්න ඉන්දීය ධීවරයන් 35ක් අල්ලයි වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් සමඟ ඉන්දීය ධීවරයන් 35 නාවික හමුදා බාරයට ගෙන ඇත. 03 November 2025
විශ්වවිද්‍යාල කොමිස මටත් ඇමති බංගලාවක් ඇමැති බංගලාවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබාදීමට මේ දිනවල කරුණු සලකා බලාගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය. 03 November 2025
කින්නියා තවත් ගවයන් හතර දෙනකු කපා දමලා කින්නියා කුරුංජාන් කේණි ගොවිජන සේවා බල ප්‍රදේශයේ කොරොංගු පන්ජාන් තෘණ භූමියක වී වගාව මුල් කරගෙන ගව පට්ටිකරුවන් හා වී ගොවීන් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස දෙවන වරටත් අද (03) මී ගවයන් හතර දෙනකු තියුණු ආයුධවලින් ඇන කපා කොටා දමා ඇතැයි කින්නියා පොලිසිය කියයි. 03 November 2025
කුඩු සමග ඇල්ලූ ධීවරයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.,18 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85 ක් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනා ලබන 08 වනදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (03)අවසර ලබා දුන්නේය. 03 November 2025
ගුවන් අනතුරැ වළක්වන පෙරහුරැවක් ශ්‍රී ලංකාවට අයත් සාගර සහ ගුවන් අවකාශය තුළ යම් අනපේක්ෂිත අන්දමින් ගුවන් යානයක් අතුරුදන්වීමකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක ඒ වෙනුවෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබද ශ්‍රී ලංකාවේ පළමු වරට තෙදින ඒකාබද්ධ වැඩමුළුවක් අද (03) උදෑසන කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරී ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ 03 November 2025
’’බදාදා සුනාමි පෙරහුරුවක්’’ ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව ඉන්දියා සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසයක් බදාදා (5) ස්ථාන පහකදී පැවැත්වීමට නියමිතව ඇති හෙයින් එදින සුනාමි ගැන අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 03 November 2025
කඩවතින් යන එන අයට පොලිසියෙන් දැනුම් දීමක් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 03 November 2025
ජාතික ලොතරැයි මණ්ඩලය ආදායම් ඉලක්කය ඉක්මවයි ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වර්ෂය සඳහා වූ එහි මූලික ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 40 සීමාව මාස 10 කින් අත්පත් කර ගැනීමට සමත්වී තිබේ. 03 November 2025
රට පුරා කාන්තාවන්ට නොමිලේ රෝග පරීක්ෂාවක් කාන්තාවන් වෙනුවෙන් පියයුරු පිළිකා කල් තියා හඳුනා ගැනීමේ වැඩසටහනක් රට පුරා නොමිලයේ ක්‍රියාත්මක කිරීමට රාජපුත්‍ර පදනම තීරණය කර ඇත. 03 November 2025
හැඳුනුම්පත් එක් දින සේවය වයඹට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ආරම්භ කරන ලද බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. 03 November 2025
රාජ්‍ය සේවා පත්වීම් වල වැඩි පංගුවක් සෞඛ්‍යට රාජ්‍ය සේවයට අළුතින් බඳවා ගන්නා 72,000 ක පිරිසෙන් 9000ක් බඳවා ගැනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 03 November 2025
ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂට ඇප එක්සත් ජාතික පක්ෂයේ ’’සිරිකොත’’ පක්ෂ මූලස්ථානය ගාස්තු අය නොකර අලුත් වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදවා රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සරච්චන්ද්‍ර ගුණරත්න ජයතිලක සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (03) නියෝග කළේය. 03 November 2025
හොර සහතික දුන් විදෙස් රැකියා පුහුණු ආයතනයක් තහනම් කරයි ගෘහාශ්‍රිත විදේශ රැකියා සඳහා අවශ්‍ය NVQ සහතික ව්‍යාජ ලෙස නිර්මාණය කළ මාවනැල්ලේ පුහුණු ආයතනයක් තාවකාලිකව තහනම් කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත. 03 November 2025
සමිද්ධි සමරකෝන්ට තනතුරක් විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගැනීම අද (03) සිදු විය. 03 November 2025
මන්ත්රීලාට පිස්තෝල දෙන්නේ මෙහෙමයි ඉල්ලීම් කර ඇති විපක්ෂ මන්ත්‍රීවරුන්ට අපරාධ විශ්ලේෂණ වාර්තා පරික්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝල ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. 03 November 2025
උසස් පෙළ උපකාරක පන්ති හෙට සිට තහනම් මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ සම්මන්ත්රණ , දේශන සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) මධ්‍යම රාත්‍රි 12 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය. 03 November 2025
අයවැය විවාදයේ දින ගණන වැඩි කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් රජයේ අයවැය ලේඛනය පිළිබඳ විවාදය පැවැත්වෙන දින ගණන වැඩි කරන ලෙස විපක්ෂය පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. 03 November 2025
බසයේ ගැටී යතුරුපැදිකරු මරුට කහතුඩුව අධිවේගී පාළම යට දී අද (3) දහවල් සැහැල්ලු යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකු පෞද්ගලික බස් රථයකට යටවී එම ස්ථානයේදීම මියගිය බව කහතුඩුව පොලිසිය කියයි. 03 November 2025
ජනපති අරමුදලෙන් ඌවේ දරුවන්ටත් සහන ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන අ.පො.ස. උසස් පෙළ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහන යටතේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීමේ ඌව පළාත් වැඩසටහන කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 03 November 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026