
(සුජිත් හේවාජුලිගේ)
වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ට මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපන පන්ති පැවැත්වීම සහ ඉගැන්වීම් නොකරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මවුපියන්ගෙන් සහ අදාළ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙම වයස් කාණ්ඩයේ දරුවන් දිගු වේලාවක් ඉලෙක්ට්‍රොනික තිර ( Screen) ඉදිරියේ රැඳී සිටීම ඔවුන්ගේ මනෝ සමාජීය වර්ධනයට දැඩි අහිතකර ලෙස බලපාන බව සෞඛ්‍ය සහ ළමා සංවර්ධන විශේෂඥයන්ගේ මතය වන හෙයින් මෙම ඉල්ලීම කරන බව අමාත්‍යාංශය පවසයි.
ඉලෙක්ට්‍රොනික තිර ඉදිරියේ දිගු වේලාවක් කාලය ගත කිරීමෙන් දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනය අඩාල වීම අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවීම මොළයේ සහ ඇස්වල වර්ධනයට ඍණාත්මක බලපෑම් ඇතිවීම සිදුවිය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
කුඩා දරුවන් ස්වභාවික පරිසරය සහ ක්‍රියාකාරකම් සැකසුණු ඉගෙනුම් ක්‍රියාවලියකට යොමු කිරීම ඉතා වැදගත් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd