(චමිලා අල්විස්)
හොරණ වගවත්ත ප්‍රදේශයේදී අනවසර පතලක් හැරීමට ගොස් එක්දරු පියෙකු අද (16) මිය ගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කත්රි ආරච්චිගේ ශෂික ආසිරි නැමති වයස අවුරුදු තිස් හයක් වන විවාහක පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා පාන්දර 1.25 පමණ වගවත්ත ප්‍රදේශයේ කළුගඟ ආශ්‍රිතව පතල් හෑරීමට ගොස් ඇති අතර එහිදී පතල තුළට පස් කන්ඩිය කඩා වැටීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල් ගත කරන විටත් මියගොස් සිට ඇත.
මෙම අනවසර පතල් හැරීම සඳහා මෙම ස් පුද්ගලයා සමග පුද්ගලයන් කිහිප දෙනෙකු එක් වී සිට ඇතිඅතර කාලයක් තිස්සේම මෙලෙස අනවසර මැණික් ගැරීම් සිදුකර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd