
(ප්රසාද් රුක්මල් )
හපුතලේ දුම්රිය ස්ථානය අසලදි අද (15) අලුයම සේවා දුම්රියක් පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අඹේවෙල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි .
දිට්වා සුලි කුණාටුවෙන් විනාශවූ උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කටයුතු සිදු කිරිම සදහා අඹේවෙල බදුල්ල අතර යොදවා ඇති සේවා දුම්රියෙ එන්ජිම සහ එහි මැදිරියක් මෙසේ පිලීපැනීමට ලක්ව ඇති බව දුම්රිය බළධාරින් කීහ .
මේනිසාවෙන් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.00ට අඹේවෙල දක්වා ගමන්වාර ආරම්භ කිරිමට ඇති අංක 1016 දරන උඩරටමැණිකේ දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කර හපුතලේ දුම්රිය ස්ථානය පමණක් ධාවනය කරන බවත්, අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට බදුල්ල බලා ගමන් ආරම්භ කරන අංක 1005 දරණ පොඩිමැණිකේ දුම්රිය හපුතලේ දක්වා පමණක් ධාවනය කර එම දුම්රියන් දෙකේ පැමිණි දුම්රිය මගින් බස්සවා දුම්රියන් දෙකට මාරුකර දුම්රියන් දෙක ආපසු බදුල්ල සහ අඹේවෙල බලා උඩරටමැණිකේ , පොඩිමැණිකේ දුම්රියන් ලෙස ධාවනය කරවීමට කටයුතු සිදු කල බවත් දුම්රිය පාලන මැදිරිය සදහන් කලේය .
දිට්වා සුලි කුණාටුවෙන් පසුව උඩරට දුම්රිය මාර්ගය විනාශවී යාමෙන් දැනට බදුල්ල අඹේවෙල අතර පමණක් දුම්රිය ධාවනය වන අතර බදුල්ලේ දුම්රිය එන්ජින් හිගයක් ඇති නිසාවෙන් මෙම පිලීපැනීමට ලක්ව ඇති සේවා දුම්රිය යලි පිළීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට අදාල කාර්මික සේවක පිරිසට පැමිණිමට වෙනත් ආපදා දුම්රියක් නොමැති නිසාවෙන් එම සේවක පිරිසට බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9. 00ට ධාවනය වන උඩරටමැණිකේ දුම්රියේ පැමිනීමට සිදුවි ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd