නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ගෙන් ඉල්ලීමක් අනවශ්‍ය ලෙස පොදි ගැසෙමින් එන්නත් ලබාගැනීමට කටයුතු නොකරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 28 May 2021
නෞකාවේ ගින්නෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයනට දීමනාවක් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකා අනතුරේ ප්‍රතිඵලයක් ලෙස වෙරළ දූෂණය වීමෙන් ධීවර කටයුතු අත්හිටුවා තිබෙන ප්‍රදේශවල ආදායම් අහිමිවන පුද්ගලයන්ට දීමනාවක් ලබාදෙන බව ධීරව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. 28 May 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නක් ගැන කිව්වේ නෑ‘‘ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබාගැනීමේදී ගින්නක් පිළිඳව කිසිඳු දැනුවත්කිරීමක් කර නැතැයි නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි. 28 May 2021
නොරොච්චෝල බලාගාරයේ එක් යන්ත්‍රයක් නතර කරයි නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබේ. 28 May 2021
ජල බිල්පතට සහනයක් කොරෝනා ආසාදනයවූ පුද්ගලයන්ට හා කොරෝනා රෝගීන්ට ආශ්රිතවී නිරෝධායනයවන පිරිස්වලට ජල බිල්පත ප්‍රමාද වී ගෙවීම සඳහා සහනයක් සලසා දීමට තීරණය කර ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය. 28 May 2021
‘‘එන්නත්කරන ප්‍රතිපත්තිය රටට හෙළි කරන්න‘‘ මොරටුව සහ කුරුණෑගල සිදු වු දේශපාලන මැදිහත්වීම ආණ්ඩුවේ එන්නත්කරන ප්‍රතිපත්තිය දැයි ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අමාත්‍යවරුන් වහාම රටට හෙලි කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පර්යේෂණ සහ පුහුණු කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. 28 May 2021
බන්ධනාගාර බසයේ ජනේලයෙන් පැන්න කොරෝනා රැඳවියා බාරවෙයි බූස්ස බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බසයේ ජනේලය කඩා පැන ගිය කොරෝනා ආසාදිත රැඳවියා බන්ධනාගාර මුලස්ථානයට බාරවීමෙන් පසු රෝහල් ගත කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. 28 May 2021
හිටපු නීතිපති එතෙර නොයයි හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් ධුරය බාර නොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ . 28 May 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වූ හානිය ගණනය කළ නොහැකියි‘‘ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් කොතරම් වන්දි මුදලක් රටට ලැබුනත් එයින් අපේ පරිසරයට සිදු වූ හානිය නැවත යථා තත්ත්වයට ගැනීමට නොහැකි වනු ඇතැයි පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසන්නීය. 28 May 2021
මහජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් රාජකාරී කරන්නැයි උපදෙස් සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක මාර්ග බාධක වල රාජකාරි කරන පොලිස් නිලධාරීන් පුද්ගලයන් සහ වාහන පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු නොකළ යුතු බවට පොලිස්පතිවරයා විශේෂ චක්‍රලේඛයක් මගින් උසස් නිලධාරීන් දැනුවත් කර ඇතැයි මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 28 May 2021
මොරටුව නගරාධිපති රිමාන්ඩ් එන්නත් කරන කටයුතුවල යෙදී සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ජුනි 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා නියෝග කළේය. 28 May 2021
පොල්ගහවෙල 69 වත්ත හුදෙකලා කරයි පොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි. 28 May 2021
අධිවේගයේ ආදායම අධිවේගයෙන් පහතට සංචරණ සීමා හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම සියයට 50කින් පමණ අඩු වී ඇතැයි එම මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා ලංකාදීපයට පැවැසීය. 28 May 2021
ඔන් ලයින් හරහා සතොසෙන් බඩු නිවසටම සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අළෙවිසල්වලින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 28 May 2021
වැඩි ලාභ ගන්න ගියොත් වැඩ වරදී සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකුණුන්නේ නම්, වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 28 May 2021
දක්ෂිණ අධිවේගයේ කසාගල පිවිසුමත් විවෘත කරයි කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමද අද( 28) නැවතත් විවෘත කෙරුණු බව එම මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ බලන අධ්යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා ලංකාදීපයට පැවැසීය . 28 May 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න‘‘ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි . 28 May 2021
සංචරණ සීමා ජූනි 7 තෙක් දිගටම කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි දා තෙක් ක්‍රියාත්මක කරන බව රජයේ ආරංචි මාර්ග කියයි. 28 May 2021
මුදල් ගැරූ මලාවි ජාතිකයකු අල්ලයි පුද්ගලයන්ට විවිධ තෑගි ලැබී ඇති බව මුහුණු පොත හරහා විවිධ පණිවිඩ යවමින් රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් වංචා කළ මලාවි ජාතිකයකු අත්තිඩිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි. 28 May 2021
පන්දාහෙ දීමනාව යළිත් රජයේ සේවකයන් නොවන අඩුආදායම්ලාභී පිරිස්වලට රුපියල් පන්දහසේ දීමනාව යළිත් ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජල සම්පාදන සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ලංකාදීපයට පැවැසීය . 28 May 2021
මොරටුව නගරාධිපති අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අද (28) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. 28 May 2021
සංචරණ නීති කැඩූ 829ක් අල්ලයි සංචරණ නීති කඩ කරමින් ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 829 ඉකුත් විසි හතර පැයේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 May 2021
කොරෝනා මරණ 27 වාර්තා වේ කොරෝනා මරණ තවත් 27ක් ඉකුත් 24 පැයේ හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 28 May 2021
වැස්ස අඩුවෙයි:විටින් විට වැසි වාර කීපයක් වැසි තත්වයේ අඩුවීමක් පවතින නමුත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 May 2021
වයිරසය වායුගෝලයෙන් පැතිරෙනවා කියන කතාව මිථ්‍යාවක කොවිඩ් වයිරසය වායුගෝලයේ පැතිර පවතින බවට යන කතාව මිථ්‍යාවක් බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියයි. 28 May 2021
ස්පුට්නික් එන්නත් තොගයක් කටුනායකට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් - V එන්නත් මාත්‍රා 50,000 ක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි . 28 May 2021
කොරෝනා ආසාදිතයෝ අද 2572ක් කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 790 දෙනෙක් අද (27) දිනයේ හඳුනාගෙන ඇත. 27 May 2021
177,000කට විදුලිය නෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීමෙන් විදුලි පාරිභෝගිකන් 177,000 ක් පමණ අද පස්වරුව වන විට අපහසුතාවට පත්ව සිටි බව වාර්තා වේ. 27 May 2021
අත්තනගල්ලට එන්නත් දීම හදිසියේ නවතී අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් එකොළහක පදිංචි ජනතාවට හෙට(28) සිට දින තුනක් සයිනොෆාම් එන්නත් ලබා දීමේ තීරණය හදිසියේ අවලංගු කොට ඇති බව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 27 May 2021
විශ්‍රාම වැටුප් සහ වැඩිහිටි දීමනා හෙට සහ අනිද්දා තැපැල් කාර්යාල මගින් ගෙවීම් කරන විශ්‍රාම වැටුප් සහ වැඩිහිටි දීමනා ලබාගන්නා අයට මැයි මසට අදාළ දීමනා ලබාගැනීම සඳහා තැපැල් සහ උප තැපැල් කාර්යාල හෙට (28) සහ අනිද්දා (29) දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 2.00 දක්වා විවෘත කර තබන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. 27 May 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026