(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි මිල වැඩි කරන්නේ නම් දේශීය කිරිපිටි මිල වැඩි කළ යුතු යැයි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් ඉල්ලා සිටින බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
දේශීය කිරිපිටි සමාගම් ද වර්තමාන තත්වය යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ නිෂ්පාදනය පවත්වා ගෙන යන බවත් කිරි ගොවීන්ගේ වියදම් ද වැඩිවී ඇති බවත් දේශීය පිරිපිටි නිෂ්පාදන සමාගම් පවසන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියාත්, සකසුම්කරුවාත්, බෙදාහරින්නාත්, පාරිභෝගිකයාත් රැකෙන පරිදි සමස්ථ අගය දාමයම සංවර්ධනය කරමු. ආනයන කිරි අඩුකර දේශීය කිරි ප්‍රවර්ධනය කරමු. මෙය රජයේ ප්‍රමුඛතාවය දෙන ව්‍යාපෘතියක් වියයුතුයි. අභ්‍යන්තර මාටියා ගැසීම් එපා...
බඩගින්නේ ඉන්න වෙන්නේ
පුදනකොටම කාපි යකා කිව්වාලු. ආනයනය අඩුවෙළා හරි ආනයනය කරපු බඩු හංගලා හරි දෙකෙන් මොක වුණත් ආනයනය කළ කිරිපිටි නැත්නම් හෝ මිල වැඩි නිසා මහජනතාවට දැන් කිරිපිටි ගන්න බෑ නමුත් ඉල්ලුම තියෙනවා. ඒ වෙලාවේ දැන් තිබෙන ඉල්ලුමට සරිලන සැපයීම අඩු මිලට කරලා පාරිභෝගිකයන්ගේ තමන්ගේ නිෂ්පාදන සඳහා කැමැත්ත හදාගත්තොත් දේශීය නිෂ්පාදන වෙළඳපොළ ඉහල නග්ගන්න පුළුවන්. දැන් තියෙන මිල සුළු කාලයකට ඔහොමම තිබ්බොත් පාරිභෝගිකයාත් මේ වෙලාවේ සහනයක් ලබලා සතුටු වෙලා ඔය දෙයටම ඇදෙනවා. ඒ ගැන නොසිතා කළ දුටු කල වල ඉහගන් න්‍යායෙන් වැඩ කරොත් පාරිභෝගිකයන් ඔය නිෂ්පාදන ප්‍රතික්ෂේප කරාවි.
අදායම් මට්ටම් අනුව බදු පනවා එම බදු මුදල් යොදවා ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත හෙලා දුප්පත් අසරණ ජනතාවට සහනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. අධික අදායම් ලබන අයවරුන්ට අධික බදුත්, අඩු අදායම් ලබන අයවරුන්ට අඩු බදුත් පැනවෙන සේ අදායම් මට්ටම් අනුව බදු ප්‍රතිපත්තිය සකසන මෙන් ඉල්ලා සිටිනවා. මේ සදහා අදායම් මට්ටම් වැඩිවීම අනුව බදු ප්‍රතිශත වැඩි කිරීම සුදුසුය.