(ඉන්දිකා රාමනායක)
මාර්ග ගත ක්‍රමය ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ගේ නාම ලේඛනයක් වට්ස් වටස්ඇප් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රදර්ශනය කිරීම සහ ගුරුවරුන් කිහිප දෙදෙනකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
ඉකුත් අගෝස්තු මස මුල් සතියේ සහ අග සතියේ මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි මත අද (22) අදාල ගුරුවරුන් දෙදෙනා කැඳවා මෙම ප්‍රකාශ සටහන් කරගත් බව ද හෙතෙම කියා සිටියේය.
මෙම ගුරුවරුන්ට සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සහ දුරකථනය ඔස්සේ මෙම තර්ජනය සිදුකර ඇති බවට ද පැමිණිලි ලැබී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
පරිගණක අපරාධ විමර්ශනය මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්වන් අපෙත් ,දැන් නම් ඉවසීම පැනගෙනයි එන්නේ ගුරුවරුන් ගැන
ඔවුනට තදින් දඬුවම් දිය යුතුය. එය පාතාල ක්රිියාවක් සේ සැළකිය යුතුය. ගුරුවරුන් සාමාන්‍ය ජනතාවගෙන් ගුටිකන තැනට තල්ලු වුවහොත් එහි වගකීම ගත යුත්තේ වෘත්තීය සමිතිකාරයින්ය. ඔවුන් රටට පිළිලයකි.
පැහැදිලිවම සමාජ මාධ්‍ය යොදාගෙන තම සේවය නිසි ලෙස ඉටුකරන වෘත්තීය සගයා ඉතා පහත් අන්දමින් අපහස උපහාසයට ලක් කිරීමට හා ඉන් ඔබ්බට ගොස් කරදරකාරී දුරකථන ඇමතුම් පවා දීමට මෙම කණ්ඩායම කටයුතු කලා. ඒ භය නිසා මාර්ගගත ඉගැන්වීමෙන් ඉවත්වූ පාසල්, ගුරුවරු කොතෙකුත් ඇත. රජය මේ පිළිබද සොයා බැලිය යුතුව තිබුනේ මීට බොහෝ කලකට ඉහත දීය. එසේ වුයේ නම් මෙය නියපොත්තෙන් කැඩීමට තිබු පිළිලයකි.
ඉතා පහත් ගතිගුණ සිටින ගුරුවරුන් ඉතා ස්වල්ප පිරිසක් සෑම පාසලකම මෙම පහත් ක්‍රියාව මෙහෙයවමින් අධ්‍යාපන පද්ධතිය කඩාවැටී ඇති අවස්ථාවේ දරුවන් තවත් අසරණ කරමින් ඇත. මොවුන්ට නිසි දඩුවම් ලබාදීම. ආණ්ඩුව නොකරන්නේනම් දෙමාපියන්වත් සිදුකලයුතුය. මන්දයත් මෙතරම් කලක් දරුවන්ට සිප් සතර ලබාදුන් ඉතා යහපත් ගුරුවරුන්ද අර ඉතා පහත් ගනයට වැටීමට මෙම සිද්ධි දාමය හේතුවී ඇති බැවිනි.
මමත් දැකල තිබෙනවා සමහර ගුරුවරුන්ගේ නම් දාල එයාල උගන්වනවා කියල බැනල දාල තිබෙනවා . ඒවා දාපු එවුන්ට දඬුවම් දිය යුතුය .