පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා අද සවස මියගිය බව සෞඛ්‍ය අංශ කියයි. 29 May 2021
කොරෝනා ආසාදිතයන් 2039ක් වාර්තා වෙයි කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 2039 දෙනකු අද දින හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේද්‍ර සිල්වා මහතා පවසයි. 29 May 2021
ජංගම වෙළෙඳුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දෙයි බේකරි නිශ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවරු කිරීමට විශේෂ ඇදුම් කට්ටලයක් අද හඳුන්වා දුන්නේය. 29 May 2021
කොරෝනා එන්නත ලැබිය යුතු තවත් පිරිසක් විපක්ෂ නායක පෙන්නයි කොරෝනා ව්‍යසනය හේතුවෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණත්වයකට පත්ව ඇති ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව එන්නත් කරනයේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 29 May 2021
‘ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ‘ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත් එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 29 May 2021
‘පොලිසියේ ලොකු පුටු රැසකට අලුත් මුහුණු‘ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය. 29 May 2021
පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන්ට කොරෝනා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරල මහතා කොවිඩ් 19 ආසාදනය වි කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. 29 May 2021
පෞද්ගලික රෝහල් ගැන මන්ත්‍රී මුජිබර් ගෙන් ජනපතිට පැමිණිල්ලක් බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි . 29 May 2021
‘ ඉදිරි සතියේදී කොරෝනා රෝගීන් අඩු නොවුනොත් රට අර්බුධයක‘‘ කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව,ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත . 29 May 2021
‘ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් වන්දියක් ඉල්ලනවා‘ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් අන්තර් වන්දියක් ඉල්ලීමට බලාපොරොත්තු වන්නේ යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥා දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවාය. 29 May 2021
'එන්නත්කරන වැඩපිළිවෙළට සහයෝගය මිස බාධා එපා' එන්නත් කරන වැඩපිළිවෙළට සහයෝගය දීම මිස ඊට බාධා කරන කිසිම කටයුත්තක් නොකරන්නැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 29 May 2021
පාස්කු සැකකරුවන්ට නුදුරේම නඩු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසින් නඩු පවරනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි . 29 May 2021
අලිවැට හදන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි රටපුරා අලි වැට ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි . 29 May 2021
කොරෝනා ආසාදිත තරුණයා නිවෙසින් පැන යයි කොරෝනා වයිරසය ආසාදිත බොරැල්ල මැගසින් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයකු නිවැසියන්ට ද නොදන්වා නිවසින් පිටවී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 29 May 2021
දඹුල්ල ආර්ථිකය හදිසියේ වහලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන දින තුනක කාලයක් තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විවෘත කරන බවට කරන ලද දැනුම් දීම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එළවළු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික පිරිස් මෙන්ම එළවළු සහ පලතුරු ගොවින්ද තම නිෂ්පාදන රැගෙන පැමිණ තිබුණද දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දමා තිබුණු බව ඔවුහු පවසති. 29 May 2021
නීතිය හරියට කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක් ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 29 May 2021
අද දිනයේත් වැසි වාර කීපයක් ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 May 2021
තවත් 793ක් සංචරණ නීති කඩති නිරෝධායන නීති උල්ලංඝනය කිරීම,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 793 කු පසුගිය පැය 24ක කාලයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 29 May 2021
කොරෝනා මරණ තවත් 39ක් වාර්තා වේ කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා (28) තහවුරු කරයි. 29 May 2021
අද ආසාදිතයින් 2845 ක් කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 602 දෙනෙක් අද (28) දිනයේ හඳුනාගෙන ඇත. 28 May 2021
බිළිඳාගේ මරුවා මුට්ටියෙන් එයි ගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක දරුවකු අද සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 28 May 2021
‘සයිනෝෆාම්’ තවත් ලක්ෂ 10 ක් ජූනි 06 ශ්‍රී ලංකාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇනවුම් කළ ‘සයිනෝෆාම්’ එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලබන ජූනි 6 වැනිදා චීනයෙන් ශ්‍රී ලංකාවට මුදාහරින්නේ යැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. 28 May 2021
‘‘මොරටුවේ සිද්ධිය කැතයි‘‘ ජනපති කියයි කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක දී මොරටුව නගරාධිපතිවරයා හැසිරුණු ආකාරය ඉතා කැත දර්ශනයක් බවත්, එයින් මුළු වැඩසටහනම විනාශ වූ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එවැනි දේ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. 28 May 2021
හිටපු මුහුදු කොටි සාමාජිකයා ක්ලේමෝ බෝම්බයක් සමග අල්ලයි අධිබලැති ක්ලේමෝ බෝම්බයක් සහ පතුරම් තොගයක් සමග හිටපු මුහුදු කොටි සාමාජිකයකු යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බවට යාපනය ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි. 28 May 2021
තවත් කොරෝනා අසාදිතයින් 2,243 ක් කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 2,243 දෙනෙක් අද (28) දිනයේ හඳුනාගෙන ඇත. 28 May 2021
‘‘දෙසතියේ සංචරණයෙන් ආසාදියන් අඩු කර ගත හැකියි‘‘ සති දෙකක කාලයක් දැඩි සංචරණ සීමා පැනවීමෙන් කොරෝනා රෝගීන්ගේ සඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමේ හැකියාවක් පවතින බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියන්නීය. 28 May 2021
මහනුවර පොලිස් මුලස්ථානයේ 60 කට කොරෝනා මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියයි. 28 May 2021
‘‘ආණ්ඩුවේ නොසැළකිල්ලෙන් වසංගතය රටපුරා පැතිරුණා‘‘ සෞඛ්‍ය බලධරයන්ට එන්නත්කරණ ක්‍රියාවලිය පවා විධිමත්ව කරන්නට ඉඩ නොදී ආණ්ඩුවේ දේශපාලනඥයන් ’’වළං කඩේට පැන්න හරකා සේ’’ ක්‍රියා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. 28 May 2021
බදියුදීන්ලාගේ පෙත්සම් සලකා බැලීමෙන් විනිසුරු ජනක් ද සිල්වා ඉවත් වෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවා තබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදින් යන මහත්වරු ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 28 May 2021
මීළග එන්නත් කරණය යාපනයට සහ රත්නපුරයට මීළඟ එන්නත්කරණ වැඩසටහන රත්නපුර සහ යාපනය දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 28 May 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026