
(නිමන්ති රණසිංහ සහ ප්‍රදීප් කුමාර)
යාපනය නල්ලුර්තිහි පිහිටි තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පවතින කොරෝණා අවදානම හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇදිරිනීති කඩ කරමින් මෙම පිරිස රැස්ව තිලිපන් සැමරීම සදහා සම්බන්ධවී ඇත.
තිලීපන් නැමැත්තාගේ 34 වන සැමරුම අලලා මෙම සැමරුම් උත්සවය සංවිධානය කර ඇත.
එහිදී පොලිස නිළධාරින් කිසිදු සැමරීම් උත්සවයක් නොපවත්වන ලෙසට තහනම් කරමින් අධිකරණ නියෝගයක් පනවා ඇති බව ප්‍රකාශ කළද මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බලහත්කාරයෙන් සැමරුම් උත්සවය පැවැත්වීම සදහා කටයුතු කළ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තිලීපන් නැමැත්තා 1987 වසරේ සැප්තැම්බර් මස 15 දින මාරාන්තික උපවාසයක් ඉල්ලිම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අතර සැප්තැම්බර් 26 වන දින ජීවිතක්ෂයට පත්ව තිබේ ඒ අනුව ඔහු සැමරීම සදහා පැමිණි ගජෙන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු මෙසේ යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර බාර් කාරයෝ ටිකත් අත්අඩංගුවට ගන්නවද ?
කලබල වෙන්න එපා අත්අඩංගුවට ගත්තෙ නිරෝධනයට නීතියට, ඕන කෙනෙක් සමරගත්තම කාටවත් මොකද? ඕවයින් වෙන්නෙ අනවශ්‍ය ප්‍රචාර පමණි. ඔවුනට අවශ්‍යද එයයි.
හිතන්න ඇති තාම ඉන්නේ යහපාලකයින් කියලා..