හැංගිලා තිබ්බ එක්මෝ යන්ත්‍ර ප්රශ්නය එළියට ආවේ පුතාගෙ මරණෙන් පස්සේ
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට ප්‍රමාණවත් තරම් එක්මෝ යන්ත්‍ර නැතිකමින් සිය පුතුගේ ජීවිතය බේරාගත නොහැකි වූ බවත්, එබැවින් කොරෝනා ආසාදිතයන්ට භාවිතය සඳහා එම යන්ත්‍රයක් සෞඛ්‍ය ක්ෂේත්රයට ලබාදීමට විශේෂඥ වෛද්‍යවරුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත්, කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාණන් වන, වෛද්‍ය ඩී. වයි. සරණතිලක මහතා පැවසීය.