’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ගෝලයකු අල්ලයි පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන පතිරනගේ සම්පත් තෙන්නකෝන් නොහොත් ’’ගොනා කෝවිලේ රාජා’’ ගේ ප්‍රධාන ගෝලයකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අද (06) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 06 February 2021
ගම්පහ පොදු වෙළෙඳපොල වසාදමයි ගම්පහ පොදු වෙළඳ පොලෙහි වෙළඳුන් 58 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක්කිරීමේදී ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සඳහන් කරයි. 06 February 2021
බූස්සේ අභිරහස් මරණ 2ක් බූස්ස රුපීවල ගම්මානයේ නිවාස 02ක තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් සහ කාන්තාවකගේ මළ සිරුරක් අද (06) සොයාගත් බව රත්ගම පොලිසිය පවසයි. 06 February 2021
බෙලිහුල්ඔය හෝටලයක් වසයි බෙලිහුල්ඔය ගලගම ප්‍රදේශයේ හෝටලයක කළමනාකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම හෝටලය අද (06) සිට තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිහු පැවැසුහ. 06 February 2021
156,310 කට කොරෝනා මර්දන එන්නත කොරෝනා වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වය සපයන 156,310 දෙනකුට කොරෝනා මර්දන එන්නත දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඊයේ දිනයේ පමණක් 9983 දෙනකුට කොරෝනා මර්දන එන්නත දී තිබේ. 06 February 2021
රංගන ශිල්පිනි මියුරි සමරසිංහ සමුගනී ප්‍රවීණ රංගන ශිල්පිනි මියුරි සමරසිංහ සිය දිවි රඟමඩලින් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග කියයි. මියුරි සමරසිංහ වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්රෙය්ද විශිෂ්ට දස්කම් පෑ රංගන ශිල්පිනියකි. 06 February 2021
ශ්‍රී ලංකා - කසක්ස්ථාන ගුවන් ගමන් ඇරඹේ කසක්ස්ථානයේ ජාතිත ගුවන් සේවය වන එයාර් අස්තානා ගුවන් සේවය ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹීම මත්තල ගුවන් තොටුපලින් අද(06) ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කලේ මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ කැඳවා තිබුණු විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාද මේ අවස්ථාවට එක් විය. 06 February 2021
කේරල ගංජා රැගෙන ගිය මෝටර් රථයක් අත්අඩංගුවට විකිණීම සඳහා කාර් රථයක් තුල ඉතා සූක්ෂමව සඟවාගෙන රැගෙන ගිය කේරල ගංජා කිලෝ 18 ග්‍රෑම් 220 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු වව්නියාව ඊරට්පෙරියකුලම පොලිස් වසමේ ඖෂධපිටිය ප්‍රදේශයේදී කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 February 2021
කනට පිහියෙන් ඇනලා බීමත්ව අසල්වැසි තරුණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයකු අනෙකාගේ කනකට පිහියකින් ඇන බරපතල තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන විමර්ශනයක් සිදුකර ගෙන යන බව නවගත්තේගම පොලීසිය කියයි. 06 February 2021
අද කොරෝනා මරණ 4 යි : ආසාදිතයන් 729 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු අද (5 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 05 February 2021
කුඩු පැකට් 520 ක් පානදුරෙන් අල්ලයි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින කාන්තාවක විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් පැකට් පන්සිය විස්සක් (05) දා අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි. 05 February 2021
මහියංගණයේ තවත් ඇගළුම් ආයතනයක් වසා දැමේ මහියංගණ නගරය ආසන්නයේ ඇගළුම් ආයතනයක සේවක සේවිකාවන් 98 දෙනෙකු අද (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අංශ උපදෙස් පිට දින 3 ක් ඇගළුම් ආයතනය වසාදැමීමට පියවර ගෙන ඇත. 05 February 2021
නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය පවසයි . 05 February 2021
ශ්‍රී ලංකාවේ කැණීම් කටයුතුවලට ජාත්‍යන්තර අවසරය අවශ්‍ය නැහැ කුරුන්දිමලේ පුරාවිද්‍යා ස්මාරක සොයාකරන කැණීම් සඳහා යුනෙස්කෝවේ හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක අවසර අවශ්‍ය නොවන බවත් ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවට ඒ සඳහා ස්වාධීනව තින්දු තීරණ ගත හැකි බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය. 05 February 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට තාක්ෂණික උපදේශක කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක කමිටුවට ශ්‍රී ලංකාවේ හිටපු ප්රවීණතම ක්‍රීඩකයන් සිව් දෙනකු පත්කරනු ලැබ සිටිති. හිටපු පිතිකරු අරවින්ද ද සිල්වා මහතා මෙම කමිටුවේ සභාපතිවරයා වන අතර රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. 05 February 2021
ආයතන 3 කදී අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස තුනකදී ලබාදීමට රජය තීරණය කර තිබේ. 05 February 2021
පෙබරවාරි-සැප්තැම්බර්-ඔක්තෝබර් පොකිරිස්සන් අල්ලන්න අවසර නැහැ පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බීජ දමන අවධිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සඳහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටු රැස්විමේ දි තීරණය කෙරිණි. 05 February 2021
රවීට - අර්ජුන්ට අධිචෝදනා දී ඇප මත මුදාහරී රවී කරුණානායකට සහ අර්ජුන් ඇලෝසියස් දෙදෙනාට එල්ල වී තිබූ අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් අධිචෝදනා බාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. 05 February 2021
රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’යි අභියාචනාධිකරණය පාර්ලිමේන්තුවට කියයි රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය. 05 February 2021
මේ අන්ධකාරයෙන් ගොඩ එන්නේ කවදාද? රටේ පවතින වර්තමාන ආර්ථික සහ සමාජීය ගැටලු සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ විවිධ අදහස් පළ කරති. වැඩ කරනවාට වඩා කතා කිරීමට දක්ෂ දේශපාලනඥයන්ගෙන් සපිරි රටක් වන ශ්‍රී ලංකාව ගැන විපක්ෂයේ පිරිස අසුබවාදී අදහස් පළ කරන අතර ආණ්ඩු පක්ෂ මැති ඇමැතින් දකින්නේම සුබවාදී පැත්ත පමණි. එය රටේ සාමාන්‍ය සම්ප්රදායයි. 05 February 2021
තලවකැලේ සියලු කඩ සාප්පු වසා දමයි වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩිකර ගැනීමේ අරමුණින් උඩරට වතුකරයේ ආරම්භකර ඇති විරෝධතාවයන්ට සහාය දැක්වීම සඳහා තලවකැලේ නගරයේ සියලුම කඩ සාප්පු අද (05) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබිණි. 05 February 2021
ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්වයෙන් මුදවයි කොවිඩ් -19 හේතුවෙන් හුදකලා කර තිබු ප්‍රදේශ කිහිපක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට සහ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කිරීමටත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ. 05 February 2021
ඉන්දියාව අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියකුගේ ඩීඑන්ඒ ඉල්ලයි ඉන්දියාවේ මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මද්දුම ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා දැයි සත්‍ය වශයෙන්ම සනාථ කර ගැනීම සඳහා අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන් ඒ සාම්පලයක් එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියේ සහය ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය. 05 February 2021
අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 706 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු අද (04 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 04 February 2021
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු දිවියෙන් සමුගනී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද(04) අභාවප්‍රාප්ත විය. 04 February 2021
ලිච්ටෙන්ස්ටයින් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශ්‍රී ලංකාව හා ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි. 04 February 2021
‘ශ්‍රී ලංකාවේ ඒකපාර්ශවීය තීරණය සම්බන්ධයෙන් ජපානයත් කනස්සල්ලෙන්‘ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ‘‘ඒකපාර්ශවීය’’ තීරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ‘‘කනස්සල්ලට’’ පත්වන බවත් ජපානය ප්‍රකාශ කරයි. 04 February 2021
ඩී.එස් පිළිරුවට එජාප උපහාර කොළඹ 7, නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට එක්සත් ජාතික පක්ෂ නායකයෝ අද(04) පෙරවරුවේ උපහාර දැක්වූහ. 04 February 2021
සැකකරුවෙකු වෙඩි වැදී රෝහල්ගත කරයි වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී රන්මාල කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අද (4) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් එම සැකකරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 04 February 2021
මහජන උපයෝගීතා කොමිසමට පාර්ලිමේන්තු සභාවේ කැමැත්ත මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ බහුතර එකඟතාව පළ වී ඇත. 04 February 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026