(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධවීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් තීරණය කර ඇත.
මෙම පක්ෂ නායකයන් බොරැල්ලෙ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ අද (20)පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ,ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර , වීරසුමන වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරු එම සාකච්ඡාවට සහභාගී වූහ .
යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කිරීමටත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (21) හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටත් එම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට නාට්‍ය රඟ දැක්වුවාට. කොන්ද පණ තියෙනවා මේ වෙලාවේ ඒලියට යනන ඔනි
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට කවුරු විරුද්ධ වුවත් ජනතාවට එය අනුමත කර තිබේ. අවස්ථාවාදී දේශප්‍රේමීන්ගෙන් රට ගලවා ගනිමු. පසුගිය දශක 07ක කාලයේ ජනතාව රැවටීමේ යුගය අවසන්.. රට සංවර්ධනය කිරීමට විදේශ ආයෝජන ලංකාවට පැමිණිය යුතුවේ. වෙනත් පක්ෂවල ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වී රටම විනාශ කරන මෙවන් කණ්ඩායම් නිසා රටට අනාගතයක් නොමැත.. රජය රට දියුණු කිරීමට නම් මෙවැනි තීන්දු ගත යුතුවේ.
ඇමෙරිකාවට දෙද්දි උද්ඝෝෂණය කරන ගොඩාක් කට්ටිය ඇයි චීනෙට දෙද්දි හිමීහිට නිශ්ශබ්ද වෙන්නෙ...ඇත්තටම රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවනම් ඇයි මේවට එක විදිහටම විරුද්ධ නොවෙන්නෙ...
ඔය ආයෝජනය චීනයට දුන්නොත් ප්‍රශ්නයක් නැද්ද?
ඕවා තමයි මෙගා ටෙලි නාට්‍ය .
ඔය විරුද්ධකම් අපේ ආණ්ඩුවට අදාළ නැහැ. අපි 2/3 බලය ආණ්ඩුවට දීලා තියෙන්නේ ආණ්ඩුවේ අයගේ හිතේ හැටියට ඕනම දෙයක් කරන්න.
තවත් නාට්‍යයක්... ඔක්කොම බොරු කාරයින්... ඔක්කොම යාළුවෝ මල්ලි..!!!
මේ නරි හැමදා කෑගහනවා විතරයි...!
බයිල තමයි. ඕකට පාර්ලිමේන්තුවේ චන්ද විමසීමක් තිබුනොත් ආන්ඩුව බේරගන්න කියලා මේ සෙට් එකම ගිහින් චන්දෙ දෙනවා . ඊට පස්සෙ ඔක්කොම ඉවරයි
මේ සුන්දර දිවයිනට කරන අපරාධයක්...!
මේ අය විරුද්ධ... මේක විකුණපු එකටද? නැත්නම් ඇමරිකාවට විකුණපු එකටද?
මේ නාට්‍ය දවස් කීපයක් රඟ දක්වයි
මේකත් අර පෙර පරිදිම මෙයාලා අපිට සංදර්ශන පෙන්නවා
මේ විරෝධයත් කලින් වගේම සංදර්ශනයක් විතරයි.
දැන් කට්ටිය එකතුවෙලා සාකච්ඡා කරාට වැඩක් වෙන්නෙ නෑ.
මේ රජය නම් කළින් පැවැති වාර්තා සියල්ලක්ම බිඳ දමයි. රට විනාසයි.
අනේ මේ අය විරුද්ධ වුනා කියලා මොනවා කරන්නද විපක්ෂයේ හිටියනම් ලිප්ටන් වටරවුමට හරි ඒයි
මුලු රටම විරුද්ධයි. දෙන්න තිබුණේ චීනෙටනේ...
ඔය විරෝධය නිකන් මිනිස්සු රවට්ටන්න කරන නාට්ටියක් විතරයි. මෙව්වාට ඇන්දෙන මිනිස්සුත් ඉන්නවනේ ඉතින්... අපි ඇන්දුනේ නැති වුණාට...
එතකොට බලශක්ති ඇමති කවුුද?
දැන් ඔය විරුද්ධත්වේ පෙන්වන මැති ඇමතිලා නිදාගෙනද හිටියේ මේක පවරනකොට?
අපි මේ නාටක බලාගෙන ඉන්නකොට බලාගාරේ කොටසක් ඇමරිකාවට විකුණලා. ඔය පක්ෂ 10 නායකයෝ කරන්නේ බොරු නාඩගමක් පමණයි
මේ අය ඉන්නකන් රට හදන්න බැහැ.
වැරදිලාවත් මේ කාරණය සම්බන්ධව විකුනපු මනුස්සයට විරුද්ධව විපක්ෂේ දෝෂාභියෝගයක් ගෙනාවොත් මේ සියලුදෙනාම ඒකට විරුද්දව චන්දෙ දෙනවා, මේ ඔක්කොම යාලුවෝ කරන්නේ බොරු
බොරු ඇමෙරිකන් විරෝධයෝ... ළමයි ඔක්කොම ඉගෙන ගන්නේ ඇමෙරිකාවේ. පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඇමෙරිකාවේ පාස්පෝර්ට් එක ගන්න. මෙයාලට රැවටෙන්න එපා... කවදා වෙනකම් අපි මෙයාලගේ බයිලා අහන් මේ දූපතට වෙලා දුක් විඳිනවා..
මේ විරුද්ධ වන පිරිස ලංකාවේ බරපතල විනිමය ප්‍රශ්නයට දෙන විකල්ප විසඳුම් මොනවාද?
ඇමරිකන් පුරවැසියකු වෙච්චි අපේ රටේ නායකයා ඇමරිකාවට නොසලකා බැහැනේ.
හවුල්කාර පක්ෂ ලෝකෙට පේන්න බොරුවට රඟපෑම් කරනවා ඇති. කවුද කැමැති තමුන්ගේ තනතුරු, වරප්‍රසාද නැතිකරගන්න. හරියට මෙයාලත් දවල් මිගෙල්, රෑ ඩැනියෙල් වගේ අය.
ලංකාවේ මිනිස්සුන්ගේ ස්වභාවයක් තමයි නැට්ට උස්සගෙන බෙරිහන් දෙනවා. එ්ත්, එක්කම ඉහළ කටහඬකින් සද්දයක් ඇහුණු ගමන් නැට්ට බඩයට ගහගෙන කෙඳිරි ගානවා. ඒක තමයි සිංහල ජානවල ස්වභාවය. සමහර විට, චීන්නු නම් දන්නවා හරක් ටික මෙල්ල කර ගන්න පුන්නක්කු දෙන්න. එ්ත්, ඉතින් ඇමරිකන් කාරයින්ට හරක් ගැන එ් තරම් තැකීමක් නැහැ. ඔවුන් දන්නවා මී හරකාගේ ස්වභාවය. ඇමරිකන් කාරයින් මේ රට අල්ලාගෙන මේ තිරිසනුන්ගෙන් රට මුදා ගන්නවා නම් මම නම් හරිම කැමැතියි.
පයිසර් එන්නත නම් හොඳයි නේද? ළමයි ඉගෙන ගන්න යවන්නත් ඒහේ හොඳයි නේද? ලංකාවෙ ප්‍රගතිශීලී කට්ටිය
මෙය නාට්‍යයක් පමණි. ඔවුන්ට රජය සමඟ සමීපව වැඩ කිරීමට නොහැකි නම් ඔවුන්ට ඉවත් විය හැකිය. ඔවුන්ට විරුද්ධත්වය සමඟ ප්‍රීති විය හැකිය. ඔවුන්ට නිදහසේ කතා කළ හැකිය. මේ මෝඩයෝ දන්නවා ආණ්ඩුවෙන් ගියාට පස්සේ තමන්ගේ දේශපාලන වාහකයා ඉවරයි කියලා.
ඔය විරෝධය ලොක්කා පොඩ්ඩක් සංවේදීවුන ගමන් ඉවරයි.