(අංජුල මහික වීරරත්න)
රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහාම අවලංගු කොට රටට හිතකර කාබනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද විනාශකාරී පොහොර ගෙන්වීමට සුදානම් වූ පාර්ශවයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අර්වේනියා නම් විනාශකාරී ක්ෂූදූ ජිවියකු සහිත කාබනික පොහොර රටට පැමිණියේ නම් සියළුම ආහාර නිෂ්පාදනයන් හි අවසානය උදාවන බවද විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
ශාක නිරෝධායන පනතට පිං සිදුවන්නට මෙම කාබනික පොහොර සාම්පල පරික්ෂාවකට ලක්වූ බව කී නියෝජ්‍ය නායකවරයා පොහොර ආනයනය පිටුපස සිටින්නේ රජයේ ව්‍යාපාරික මාෆියාව බවට සැකයක් ඇතැයිද කීවේය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව කියා සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති පක්ෂ තරුණ හමුවකට එක් වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම රසායනික පොහොර නවත්වලා කාබනික පොහොර පිටරටින් ගෙන්වනවා නම් වැඩක්ම නෑ. අති භයානක වෙන්නත් පුළුවන්... සියලුම ගොවීන්ට තමන්ට අවශ්‍ය කාබනික පොහොර හදාගන්නන පුළුවන්නේ. වස විෂ ගහලා ගහලා අපේ පොළව විනාශ කරගෙන තියෙන්නේ... කාලයක් වසවිෂ නැතිව ගියාම පොළොව නැවත ස්වාභාවික වෙයි...
මේ මිනිහට වෙන වැඩක් නැද්ද කරන්න?