(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජයන්ත කැටගොඩ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද(21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
කැටගොඩ මහතා මෙසේ පත් කෙරුණේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම මන්ත්රී ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවුණු පුරප්පාඩුවටය.
කැටගොඩ මහතා පාර්ලිමේන්තුව මෙයට පෙර අවස්ථා කිහිපයක්ම නියෝජනය කළේය.
ඔහු බැසිල් රාජපක්ෂ මහතාට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ මේ හාදයාගේ පාර්ලිමේන්තුවේ කතාවක්වත් දැකලා තියෙනවද?
කැටගොඩ මල්ලියේ, ගමන් බිමන්වලට පරණ පතෝල මැස්සක්වත් නැතෙයි..? නැති නම් කියන්න අපි බඩගින්නේ ඉඳලා හරි V8 එකක් අරගෙන දෙන්නම්... මහජන මුදලින්ම... අනික පට්ටියේ 225ම උපදින කොටම තිඹිරිගෙයින් පසුව V8 එකෙන්නේ ගමන් ගියේ...
තවමත් රටේ මිනිසුන්ගේ හද ගැස්ම රජයට හෝ සර්‘ ට තේරිලා නෑ. පුලුවන්ද එක ආණ්ඩු පක්ෂ මන්ත්රී හාමුදුරුවෙකුට හරි ආරක්ෂක නිලධාරීන් නැතිව මහජනතාව අතර ගැවසෙන්න වැඩිය නොවේ විනාඩි 10ක්. ඡන්ද දායකයින්ට එපාවූ මහජන නියෝජිතයින්ට අනාගතයක්, ආත්මයක් නැත.
අහෝ මහජන මුදල් නසන මෙහෙවු දේශපාලකයෝ නුඹලා... රටට කරන විනාශය අපි කෙළෙස නවතාලනුද?
වැඩක් කරන්න බලන්න
අපිම ඡන්ද දීලා අපිම බනිනවා
තවත් එක්කෙනෙක්
එලොවටත් නැති, මෙලොවටත් නැති උන්දැලා තම තමන්ගේ ගජයින් විදිහට පාර්ලිමේන්තුවට ලිස්ට් එකෙන් ගේනවා.. මහ උන්දැලා කියන කියන පදේට නට නටා සියළු වරප්රසාද භුක්ති විඳිනවා. මෙවැනි පීඩිත අවස්ථාවකදීවත් රටේ නායකයාට බැරි නම් මෙවැනි විවිධ ප්රසංග නවත්වන්න 2/3ක් තියාගෙන බම්බු ගහනවද මන්දා...?
ජරාව කාලා මහත්වෙලා...
කැට ගොඩ කට ගහලා ගොඩ ආවා