(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින සිදුවූ ඛේදවාචකය ආණ්ඩුව විසින් නැවතත් තම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් නිර්මාණය කර පෙන්වූ නාට්‍ය දැන් ආණ්ඩුවටම පාරාවළල්ලක් වී ඇති නිසා ඒවා වසාගැනීමට අලුත් නාට්‍ය පෙන්වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන් කතෝලික පියතුමන්ලා සමඟ එක්ව කුමන්ත්‍රණයක් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පසුගිය දා ප්‍රචාරය වූ වීඩියෝ පටය ද එවැන්නක් බව කී චම්පික රණවක මහතා එය කතෝලික පියතුමන්ලා සමග ප්‍රසිද්ධියේ කළ සාකච්ඡාවක් බවත් එහි කිසිම කුමන්ත්‍රණයක් නැති බවත් කීවේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
ආර්ථික මෙන්ම අන්තර්ජාතික වශයෙන් කඩාවටී අප්‍රසාදයට පත්ව සිටින වත්මන් ආණ්ඩුව නැවතත් බාල වර්ගයේ නාට්‍යයක් රඟ දක්වා එම අප්‍රසාදය, පිළිකුල වෙනත් තැනක ස්ථානගත කරන්නට උත්සාහ කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
තෝරාගත් කතෝලික තරුණ ක්‍රියාකාරීන් සහ පූජකතුමන්ලා ඉලක්ක කරගත් මර්දනයක් ක්‍රියාත්මක වන බව කී පාඨලී චම්පික රණවක මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ෂන කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ ඉතිරි වෙළුම් 22 වහාම ප්‍රකාශයට පත් කරන්න යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙ නාට්‍ය අපිට මතකයි .අර අළුත්ගම එහෙම රගපෑවෙ
පරණ නාටකයේ කල් ඉකුත්වුණු නළු බට්ටෙක්ම එසේ කියන එක කොතරම් විහිලුවක්ද...? පුදුමය නම් සිල් සමාදම් වෙනවා. එනමුත් මේ තිරිසනුන් කොතරම් දුරට තම හිත රවට්ටා ගන්නවද..?
මෙයා, රාජිතලා... හම්මෝ..! හොඳ නාට්‍ය කාරයෝ.. කියලා වැඩක් නැහැ.
යහපාලන කාලයේ බුද්ධි අංශ විනාශ කරන්නත් දායක වුණා. මෙච්චර විනාශයක් වුණේ ඒ නිසයි..
යෝගා, බුද්ධි අංශවලින් අවශ්‍ය තොරතුරු ලබලා දුන්නත් ආරක්ෂක ඇමතිට කිසිම ඕන කමක් තිබුනේ නැහැ රට බේරා ගන්න.
ආණ්ඩුව පමනක් නොවේ අනික් ගොයියලත් පෙන්වන්නෙම නාට්‍ය තමා.මෙයත් හොදම නලුවෙක් තමා.
තමන්ගේ නාට්‍ය අපි හොඳින් දැක්කා .
මේත් හොඳ නළුවෙක් තමයි........
අර දරුවට අඩු තරමින් රෝද පුටුවක් අරන් දෙන්න
ලංකාවේ ඉන්න උගත් මනුස්සයෙක් ,රටට වටිනා පුද්ගලයෙක්
තමන් නාට්‍ය නිෂ්පාදනය කොට, රඟපානකොට ඒවා කමක් නෑ නේද? මතක නැද්ද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙන කෙනෙක් එක්ක සිටි ඡායාරූපයක් ෆොටෝෂොප් කරගත්තා තමන් එක්ක ගත්තා කියලා. තමුන් මුලින්ම පාර්ලිමේන්තු ආවේ එස්.එල් ගුණසේකර මහතා පාවිච්චි කර බළලුන් ලව්වා කොස් ඇට බාවලා එස්.එල්. ගුණසේකර මහතාට ඡන්දය දුන් අයත්, එතුමාවත් රවට්ටලා නේද? ඒවත් කුමන්ත්‍රණ නෙවෙයි නම් මොකක්ද? ඊට පස්සේ කොච්චර දේවල් කළාද? ආණ්ඩුවෙන්, ආණ්ඩුවට මාරුවෙනවා ඉන්න එක කාලා...
මම හිතන්නේ මෙච්චර විනාශයක් කළ මෙම පාලකයින් කරන වැඩ පැත්තක තබා, මෙ රටට යම්කිසි වැඩක් කළ මිනිසෙකු පසුපස හඹායන පිරිස් දැකීමට ලැබීම පුදුම ගෙනදෙන කරුණක්, එයින් කියැවෙන්නේ මෙම පිරිස යමෙකු විසින් මෙහෙයවන පිරිසක් වියහැකි බවයි.
කෙසේ වෙතත්, ඔහු ඉඟි කළ පරිදි, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සමස්ත වාර්තාවම කොමිසම සඳහා කළ වියදම හැර වෙන කිසිවෙකු විසින් සිදු නොකළ බව අපගේ දැන ගැනීම සඳහා නිකුත් කරන්න.
බැටලු හම පෙරවාගත් තවත් එක්කෙනෙක්