වරායේ නැ‘හිර පර්යන්තය සංවර්ධනය ගැන සාකච්ඡා
ඉන්දියාව සහ ජපානය සමඟ අත්සන් තබන ලද ත්‍රෛපාර්ශවීය ගිවිසුමෙන් ඉවත්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.